තවත් කොරෝනා මරණ 101ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 101 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා .

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 2011ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

පසුගිය සඳුදා දිනයේ උදෑසන තහවුරු කරන ලද කොරෝනා මරණ 46 ක් වාර්තා වූ අතර එදින රාත්‍රියේ තවත් මරණ 47 ක් වාර්තා වූවා.

අඟහරුවාදා දිනයේ කොරෝනා මරණ 54ක් වාර්තා වූ අතර ඊයේ දිනයේ තහවුරු කරන ලද කොරෝනා මරණ 67ක් වාර්තා වූවා.

අද දිනයේ වාර්තා වූ කොරෝනා අසාදිත මරණ 101 ත් සමඟ මෙම සතිය තුළ පමණක් වාර්තා වූ තහවුරු කරන ලද  කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 315ක් ලෙසයි සඳහන් වන්නේ.

මේ අතර මෙරටින් ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 2,738 දෙනා අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 575 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ 171 දෙනෙකු නිට්ටඹුව ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.

එසේම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 339 දෙනෙකු ඊයේ හඳුනාගත් බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊට අමතරව නුවරඑළිය, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 100 ඉක්මවා වාර්තා වී තිබුණා.

මේ අතර ලබන සඳුදා අලුයම හතරෙන් පසු දැනට පවතින සංචරණ සීමා ඉවත් කළද එය සිදුවන්නේ සීමාවන්ට යටත්ව බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළ යුතු ඉදිරි වැඩපිළිවෙළ අද හෝ හෙට ප්‍රකාශයට පත් කරන බවයි.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා දීර්ඝ කරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි යුද හමුදාපතිවරයා ඊයේ පෙන්වා දුන්නේ.

සංචරණ සීමා ඉවත් කළ පසුව ද ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු වනවා.

ඒ අනුවයි ඊට අදාළ ඉදිරි වැඩපිළිවෙළ මෙලෙස අද හෝ හෙට ප්‍රකාශයට පත්කිරිමට නියමිතව ඇත්තේ.

මේ අතර ඊයේ දිනයේ නිරෝධායන නීති සහ සංචරණ සීමා උල්ලංඝණයට කළ 1038 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
08:05:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට හොඳම එකෙන් පාඩම් කියලා දෙයි - තොරතුරු වසන් කරපු අය ආණ්ඩුවේ Best Friends
09:18
Video thumbnail
භෞතික චිකිත්සකවරිය ඝා#නයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි - දරුවත් අරගෙන බස් එකට නගින හැටි
01:16
Video thumbnail
සරත් ෆොන්සේකාගේ නිල නිවසේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කළා - වටගල ගැම්මට කිව්ව කතාව
03:59
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24