ලොක්ඩවුන් අස්සේ හංසමාලිගේ පහස ලබන්න ආ පොලිස් කොස්තාපල්වරයා

නයනජිත් කොළඹ උතුර කොට්ඨාසයේ එක්තරා පොලිසියක රාජකාරි කරපු කොස්තාපල්වරයෙක්. තරුණ වයසෙ හිටිය නයනජිත් විවාහකයෙක්. එයාගෙ බිරිඳයි දරුවොයි පදිංචිවෙලා හිටියෙ කොළඹින් බොහොම දුරබැහැර පළාතක.

නයනජිත් රාජකාරි කළෙත් පොලිසියෙම එයාලට වෙන්වෙච්ච භට නිවාසයක නතරවෙලා ඉඳගෙන.

 නයනජිත් රාජකාරි කරපු පොලිසියට අදාළ බල ප්‍රදේශයේ වතු නිවාස රාශියක් තියෙනවා. අපේ මේ කථාවේ කථානායකයා මේ වතු නිවාස ප්‍රදේශයක බුද්ධි තොරතුරු ලබා ගැනීමේ රාජකාරි සඳහා යොදවලා සිටිය. කාන්තා ඇසුරට බොහොම ලොල් බවක් දක්වපු නිසාම නයනජිත් තරුණ කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වන්නෙ බොහොම උනන්දුවෙන්.

 නයනජිත්ට හංසමාලිව මුණගැහෙන්නෙ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න ගිය වෙලාවකදියි.

 ‘‘ඔයා ඕනෙම ප්‍රශ්නයක් මට කියන්න. අපි බැඳිලා ඉන්නෙ ඔයාල වෙනුවෙන් සේවය කරන්න.’’

 නයනජිත් හංසමාලිව මුණගැහිච්ච මුල්ම දවසෙම ඇයට ගොඩක් සමීප වුණා. ඒ විතරක් නෙවෙයි තමුන්ගෙ ජංගම දුරකථන අංකයත් ඇයට ලබා දීලා. ඕනෙම ප්‍රශ්නෙකදි කතාකරන්න කියලත් උපදෙස් දුන්නා.

 හංසමාලි බොහොම හැඩවැඩ ඇති කාන්තාවක්. වත්තේ ඉන්න ලස්සනම ගෑනි හංසමාලි කිව්වොත් ඒක නිවැරදියි. විවාහයෙන් වෙන්වෙලා ඉන්න හංසමාලි තමන්ගෙ දරුවත් හදාගෙන වෙනම පදිංචිවෙලා හිටියා. වැඩි දවසක් යන්න ඉස්සර නයනජිත්ට හංසමාලිගෙ ආදරේ ලබා ගන්න හැකියාව ලැබුණා.

 පිරිමියෙක්ගෙ පහසක් නැතිව රැකවරණයක් නැතිව හිටිය හංසමාලිට නයනජිත්ගෙ ඇසුර ලොකු පිටිවහලක් වුණා ජීවිතේ ඉදිරියට ගෙනියන්න.

 ‘‘වැඩකරලා ඉවරනම් එන්නකො මාව බලල යන්න. බබත් ගෙදර නැහැ. එයා මහ ගෙදරට ඇරලූවා.’’

 හංසමාලි තනියම ඉන්න හැම වෙලාවකම නයනජිත්ව ගෙදරට ගෙන්න ගත්තා. ජනාකීර්ණ වතු නිවාස සංකීර්ණයේ හිටිය පුංචි නිවහන මේ දෙන්නට දිව්‍යලෝකයක් වුණා.

 නයනජිත්ගෙයි, හංසමාලිගෙයි මේ ආදර පලහිලව්ව ගැන අහළපහළ හැමෝම දැනගෙන හිටියා. බුද්ධි තොරතුරු හොයන්න පත්කරලා හිටිය පොලිස් කොස්තාපල්වරයා බුද්ධි තොරතුරු සෙවීම පැත්තක තියල හංසමාලිගෙ ගෙට හොරෙන් හොරෙන් රිංගන්න ගත්තා.

 ඔන්න ඔය අතරේ තමයි කොරෝනා වසංගතය රට පුරාම ව්‍යාප්ත වෙන්න පටන්ගත්තේ. කොළඹ නගරය පුරා කොරෝනා වසංගතය බොහොම තදින් පැතිරෙන්න ගත්තා. කොළඹ වතු නිවාස ආශ්‍රිතව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යෑම නිසා වතු නිවාස රැසක් හුදෙකලා කරන්න කටයුතු කරලා තිබුණා.

 හංසමාලි පදිංචිවෙලා හිටිය වතු නිවාස ආශ්‍රිත ප්‍රදේශයෙත් තදින්ම කොරෝනා ව්‍යාප්තිය සිද්ධ වෙච්ච නිසා ඒ ප්‍රදේශයත් හුදෙකලා කරලා තිබුණා. හංසමාලි පදිංචි වත්තටත් පොලිස් මාර්ග බාධක දාලා කිසි කෙනෙකුට ඇතුළුවෙන්නත් පිට වෙන්නත් බැරි විදිහට ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පොලිසිය කටයුතු කළා.

 වත්ත හුදෙකලා කළාට හංසමාලිට හුදෙකලා වෙලා ඉන්න බැරි වුණා. එයා සැරෙන් සැරේ නයනජිත්ට දුරකථන ඇමතුම් දීලා නිවසට එන්න කියලා ඇවිටිලි කරන්න ගත්තා.

 ‘‘ඔයා ඉන්න ඒරියාඑක ලොක්ඩවුන් කරලා තියෙන්නේ. ඉතිං මං කොහොමද ඔයාව බලන්න එන්නේ….’’ නයනජිත් කිව්වා.

 ‘‘අනේ ඔයා හරි බයගුල්ලෙක්නේ. ඔයා රාජකාරි කරන්නේ පොලිසියෙනෙ. බුද්ධි තොරතුරු ගන්න කියලා මාව බලන්න එන්න. ඔයා නැතිව මට දැන් ඉන්න බැහැ නයනෙ අනේ අදම එන්නකො.’’

 හංසමාලිගෙ ආරාධනය ඉවත දාන්න නයනජිත්ගෙ හිත කොහොමවත් ඉඩ දුන්නෙ නැහැ.

 පසුගිය දවසක නයනජිත් හොර රහසෙම හංසමාලි පදිංචිවෙලා ඉන්න හුදෙකලා ප්‍රදේශයට ඇතුළුවුණා. නයනජිත් කාට වහන් වෙලා ආවත් හංසමාලිගෙ අහළපහළ අයට වහන් වෙන්න බැරි වුණා.

 හුදෙකලා නීතිය තදින් ක්‍රියාත්මක වෙද්දී පොලිස් නිලධාරීන්ට විතරක් එක නීතියක් මොකද කියලා අහළපහළ අයට ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා.

 නයනජිත් රාජකාරි කරපු පොලිසියෙ ස්ථානාධිපතිට හංසමාලි පදිංචිවෙලා හිටිය වත්තෙන් ඇමතුම් කීපයක්ම ලැබුණා.

 ‘‘සර්…. වත්ත හුදෙකලා කරලා තියෙන වෙලාවෙ නයනජිත් රාලහාමිට විතරක් එක නීතියක් මොකද? අනික කොරෝනා අස්සෙ පිටස්තර මිනිස්සු වත්තට එන එකත් භයානකයි. නයනජිත් රාලහාමි මේ වෙලාවෙ බුද්ධි තොරතුරු හොයන්න ගෙවල්වලට රිංගන එක වැරදියිනෙ.’’

 කොහොම කොහොම හරි හංසමාලිගෙ පහස ලබන්න හුදෙකලා ප්‍රදේශයට රිංගපු නයනජිත් රාලහාමි පොලිස් නිලධාරීන්ගේ අතටම අහුවුණා.

 ‘‘මං බුද්ධි තොරතුරු රැස්කරන්න වත්තට ආවෙ. තොරතුරක් ගන්න තමයි හංසමාලිගෙ ගෙදරට ගියේ.’’

 නයනජිත් රාලහාමි තමුන්ගෙ නිර්දෝෂිභාවය කියන්න උත්සාහ කළා.

 ‘‘පළාතම ලොක්ඩවුන් කරලා තියෙන වෙලාවක මේ ගෙවල් අස්සේ රිංගාගෙන මොන බුද්ධි තොරතුරුද? තමුන් කරලා තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවම අපහසුතාවට ලක්වෙන වැඩක්’

 බොරු බේගල් ගහලා, උසස් පොලිස් නිලධාරීන්ගෙ කනෙන් රිංගන්න නයනජිත්ට හැකි වුණේ නැහැ. අන්තිමේදී ඔහුට විරුද්ධව විමර්ශනයක් ආරම්භ වුණා.

 ලොක්ඩවුන් අස්සේ ගෙවල්වලට රිංගල බුද්ධි තොරතුරු හොයන්න ගිය නයනජිත්ට අන්තිමේදී සිද්ධවුණේ බඩුමුට්ටුත් පොදි ගහගෙන වෙනත් පොලිසියකට මාරුවෙලා යන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55