පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
1977 අංක 01 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත, 1982 අංක 01 දරණ පනතේ 09 වන වගන්තිය හෝ 1990 අංක 47 දරණ පනතේ 09 වන වගන්තිය ප්‍රාකාරව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති සහ විශ්‍රාම වැටුපක් ලබන යම් තැනැත්තෙකුට මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව විශ්‍රාම වැටුප් ලැබීම නතර විය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ
සඳහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පසුගිය 17 වනදා පැවති අතර, එය වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 152ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 02ක් පමණයි.
පසුව සම්මත වූ අදාළ පනත් කෙටුම්පතට කතානායකවරයා සහතික කිරීමෙන් අනතුරුව එය මෙලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.













