බිරිඳගේ ගෙළ කපා හිස අනියම් සැමියාගේ ගෙදර මිදුලේ තියලා – සැමියා පොලිසියට ඇවිත් භාරවෙලා

සැමියා සිය බිරිඳගේ ගෙළ කපා ඝාතනය කිරීමෙන් පසු අද (20) අලුයම පොලිසිය පැමිණ භාර වූ පුවතක් නෙළුව, හක්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා මෙම ඝාතනය සිදුකර ඇති අතර, කඳෙන් වෙන් කළ බිරිඳගේ හිස ගෙනවිත් ඇය අනියම් ඇසුරක් පැවැත් වූ බව කියන පුද්ගලයාගේ නිවසේ මිදුලට දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 32ක, දරුවන් තිදෙනෙකුගේ මවක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ කාන්තාව නිවස අසල පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සැමියා සහ බිරිඳ අතර මෙම ආරවුල හටගෙන තිබෙනවා.

එහිදී අද (20) අලුයම 2.00ට පමණ නිවසේ සාලයේ දී සැමියා විසින් ගෙළ කපා බිරිඳව ඝාතනය කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අපරාධය සිදු කිරීමෙන් අනතුරුව පොලිසියට පැමිණ භාරවී ඇති සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 34ක පුද්ගලයෙක් වන අතර, ඔහු අද දන උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

  1. මනුස්සයෙක් මරන්න කිසිම මනුස්සයෙකුට අයිතියක් නෑ වෙන විකල්ප ඕනෑතරම් තියෙනවා සුදුසු මරණ දඩුවම දෙනඑක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26