අන්තර්ජාල ගණිකාවන් වූ දැරිය සහ මව ගැන තවත් තතු හෙළිවෙයි

අපරාධයේ සැඟවුණු තතු එළියට

අන්තර්ජාලය හරහා 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් මුදලට අලෙවි කළ සිද්ධිය පිළිබඳ තවත් තොරතුරු පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 07 වැනි දා අත්අඩංගුවට පත් පුද්ගලයා පෙරේදා (08) දින මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඔහු 35 හැවිරිදි සිව් දරු පියෙකු බව පැවසෙනවා.

දැරියට ලක්ෂ ගණනක මිලක්

අදාළ දැරිය ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ රඳවාගෙන මෙම ජාවාරම සිදුකර ඇති අතර එම නිවෙස සඳහා සැකකරු ගෙවා ඇති කුලී මුදල රුපියල් 65,000ක්.

එම නිවස තුළ දැරිය රඳවා ඇයගේ ඡායාරූප අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධ කරමින් සහ සමාජ ජාල ඔස්සේ දැරිය පිළිබඳ දැන්වීම් පළ කරමින් ඇයව මුදලට විකුණා ඇති බව යි පැවසෙන්නේ.

ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන් වෙත දැරිය අළෙවි කර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් අය කිරීමට අදාළ පුද්ගලයා ක්‍රියා කර ඇති බව සඳහන්.

විනාඩියකට 1000යි

මූලික විමර්ශන මගින් අනාවරණය වී තිබෙන්නේ මෙම වසරේ (2021) ජනවාරි මාසයේ සිටම මොහු විසින් මෙම ජාවාරම සිදුකර තිබෙන බවයි.

එමෙන්ම දැරිය වෙනුවෙන් අන්තර්ජාලයේ වෙබ් පිටුවක් සකසා ඇති මොහු එය හරහා දැරිය ප්‍රසිද්ධ කර තිබෙනවා.

දැරිය නිරුවත් කොට අදාළ වෙබ් පිටුව හරහා ඇයගේ සජීවී දර්ශන වීඩියෝ ඇමතුම් මගින් පෙන්වීමේ ව්‍යාපාරයක් ද මොහු විසින් සිදු කරගෙන ගොස් ඇති අතර එම වීඩියෝ දර්ශන සඳහා විනාඩියකට රුපියල් 1000 බැගින්, විනාඩි 10කට රුපියල් දසදහසක් ලෙස මුදල් අය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරියගේ මව ලක්ෂ 21කට විකිණිලා

මේ අතර වැඩිදුර විමර්ශනවලින් තවදුරටත් හෙළිදරව් වී ඇත්තේ, මෙම නීතිවිරෝධී ව්‍යාපාර සඳහා යොදවාගත් දැරියගේ මව ද මෙලෙසින්ම ලිංගික ජාවාරම් සඳහා යොදා ගැනීමට සැකකරු මීට පෙර ක්‍රියා කර ඇති බවයි.

දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දැරියගේ මව මේවන විට 31 හැවිරිදි වියේ පසුවන රූමත් කාන්තාවක් බවත්, සැකකරු විසින් එක් අවස්ථාවක දී ඇයව රුපියල් ලක්ෂ 21කට ධනපතියෙකු වෙත අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ ආකාරයෙන් අවස්ථා රැසකදී රුපියල් ලක්ෂ ගණනකට විවිධ පුද්ගලයින් වෙත ඇයව ද අළෙවි කොට ඇති බවයි මේවන විට හෙළි වී ඇත්තේ.

මවත් සම්බන්ධයි

මේ අතර මෙම තැනැත්තා වෙත දැරිය භාර දී ඇත්තේ ද ඇයගේ මව බව ද මේවන විට අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව දැරිය විවිධ පුද්ගලයින් වෙත විකිණීමේ ජාවාරමට ඇය ද සම්බන්ධ බවට පොලීසිය සැක කරනවා.

ඒ පිළිබඳව ද පුළුල් විමර්ශනයක් මේවන විට ආරම්භ වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

දැරියගේ පහස ලැබූවන්ටත් වැඩ වරදියි

එමෙන්ම දැරියගේ දර්ශන මුදල් ගෙවා නැරඹූ පුද්ගලයින් සහ මුදල් ගෙවා දැරිය මිලට ගත් පුද්ගලයින් ද සොයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනය කරමින් සිටිනවා.

දැරිය මේ වනවිට ඇතුළත් කර සිටින්නේ කළුබෝවිල රෝහලට යි.

ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09