ලෝක කුසලාන ගමන් මාවතේ කොදෙව්වන්ට තවත් සුපිරි ජයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ නේපාලය සමඟ අද (15) පැවති තරගය කඩුලු 09 කින් ජයගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඉන්දියාවේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නේපාලය පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 133ක් රැස් කළා.

දීපේන්ද්‍ර සිං අයිරි ලකුණු 58ක් රැස්කරමින් නේපාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් පන්දුවාර 04 තුළ ලකුණු 27කට කඩුලු 04ක් බිඳ දමමින් නේපාල පිතිකරුවන්ට තර්ජනයක් වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹු කොදෙව්වන් පන්දුවාර 15යි එක් පන්දුවක් පමණක් වැයකරමින් නේපාලයෙන් හිමිවූ 134ක ඉලක්කය පසුකර ගියේ එක් කඩුල්ලක් පමණක් දැවී තිබිය දීයි.

කොදෙව්වන් ජයග්‍රහණයට මාවත සැකසූ නායක ෂායි හෝප් නොදැවී ලකුණු 61ක් සහ ෂිම්රොන් හෙට්මියර් නොදැවී ලකුණු 46ක් රැස් කළා.

ඒ, අනුව මෙම තරගය ජයගත් කොදෙව්වන් තරගවලියේ C කාණ්ඩයේ තවදුරටත් පෙරමුණ ගෙන සිටිනවා.

ඔවුන් මූලික වටයේ සහභාගී වූ තරග තුනම ජයගෙන ඇති අතර, ඔවුන් ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 06ක්.

ඒ, අනුව ඔවුන් සුපිරි 08 දෙනාගේ වටයට මේ වනවිටත් සුදුකම් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12