ඉන්දු – පාකිස්ථාන තරගයට වර්ෂාව හරස්වීමේ වැඩි අවදානමක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සට පකිස්ථානය අතර තරගයට ඇත්තේ තවත් හෝරා හතකට අඩු කාලයක්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන, ක්‍රිකට් ලෝකයම බලා සිටින මෙම තරගයට වර්ෂාව බාධා එල්ල කරනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කාලගුණ අනාවැකියට අනුව වර්ෂාව ඇතිවීමට සියයට 94ක සම්භාවිතාවක් පවතින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ යාවත්කාලීන කිරීම්වලට අනුව දැක්වෙන්නේ ගිනිකොනදිග බෙංගාල බොක්කෙහි අඩු පීඩන ප්‍රදේශයක් නිර්මාණය වී සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.

මේ අතර වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීමට යම් හෙයකින් සිදුවුව හොත් ඒ තරගය යළි පවත්වීමට වෙනත් දිනයක් වෙන්කර නොමැතිවීම හේතුවෙන් දෙපිළටම ප්‍රසාද ලකුණ බැගින් බෙදී යනු ඇති.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථාන අතර තරගය අද (15) පස්වරු 7.00ට ආරම්භවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03