ජින්තුපිටියේ සහ වාඩියමංකඩ වෙඩි තැබීම්වල තොරතුරු රැසක් එළියට

ඊයේ (14) රාත්‍රියේ වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ දී සහ කළුතර, වාඩියමංකඩ ප්‍රදේශයේ දී වෙඩි තැබීම දෙකක් සිදුව තිබුණා.

මෙම වෙඩි තැබීමවලින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ දී බාබර් සාප්පුවක් තුළ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුට නාඳුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර, මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පස්දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

එහිදී එක් පුද්ගලයෙක් මියගොස් තිබූ අතර, මෙලෙස මියගොස් තිබුණේ වයස අවුරුදු 20ක මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම වෙඩි තැබීමෙන් තුවල් ලැබූ අනෙක් පුද්ගලයින් සිව්දෙනා 19, 27, සහ 28 යන වයස්වල පසුවන සිලාවතුර, ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

මෙම වෙඩි තැබීම සඳහා T-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මේ අතර කළුතර උතුර පොලිස් වසමේ වාඩියමංකඩ ප්‍රදේශයේ නොම්බර 01 දුම්රිය නැවතුම්පොල මාර්ගයේදී ද ඊයේ (14) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් නාගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රඵිකාර ලබමින් සිටියදී මිය ගියා.
මෙලෙස මියගොස් ඇත්තේ වාඩියමංකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 32ක පුද්ගලයෙක්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, විමර්ශන කණ්ඩායම් 03 ක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
00:00
Video thumbnail
ඉර කැපුවට මටත් දඩ කොල දුන්නා ඇයි මෙයා විතරක් යවන්නේ? දඩ කොලයක් නිසා උණුසුම් තත්ත්වයක්
03:46
Video thumbnail
නීති විරෝධීව කළ මහා පරිමාණ සැමන් ජාවාරමක් වටලයි - සියල්ල විනාශ කළ අයුරු
02:56
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
08:05:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට හොඳම එකෙන් පාඩම් කියලා දෙයි - තොරතුරු වසන් කරපු අය ආණ්ඩුවේ Best Friends
09:18
Video thumbnail
භෞතික චිකිත්සකවරිය ඝා#නයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි - දරුවත් අරගෙන බස් එකට නගින හැටි
01:16
Video thumbnail
සරත් ෆොන්සේකාගේ නිල නිවසේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කළා - වටගල ගැම්මට කිව්ව කතාව
03:59
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34