අම්මටයි දුවටයි මිළක් නියම කළ ජාවාරම්කරු ගැන තොරතුරු හෙළිවේ

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර පහළොස් හැවිරිදි දැරියක සහ ඇගේ මව මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.

සැකකරු රූමත් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමේ යෙදෙන පුද්ගලයකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටින අයකු බව පොලිසිය සඳහන් කළා.

මොහු මෙම දැරියගේ මව අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ මහළු ධනවත් ව්‍යාපාරිකයකුට රුපියල් විසිඑක් ලක්ෂයක මුදලට අලෙවි කර ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබෙනවා.

15 හැවිරිදි දැරිය ගල්කිස්ස ප‍්‍රදේශයේ සුපිරි මහල් නිවාසයක රඳවාගෙන රුපියල් දස දහස බැගින් මුදලට විවිධ පුද්ගලයන්ට අලෙවිකර ඇති බව ද  පොලිසිය සඳහන් කළා.

මෙම දැරිය මුල්වරට අලෙවි කර ඇත්තේ වැල්ලවත්ත ප‍්‍රදේශයේ මහලූ පුද්ගලයකුට රුපියල් තුන්ලක්ෂයක මුදලකටයි.

ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දිලීප පෙරේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව ගල්කිස්ස ස්ටේෂන් පාරේ මහල් නිවාසයක සිදුකළ වැටලීමකදී මෙම 15 හැවිරිදි දැරිය සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර එම මහල් නිවසේ සිටි පිරිමි දරුවන් දෙදෙනකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මුදලට අලෙවි වූ දැරිය සහ ඇගේ මව බියගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24
Video thumbnail
හදිසියේම පාර්ලිමේන්තුවට ආ අමුත්තන් - කොහොමද එයාලා දුන්න ආචාරය
01:07
Video thumbnail
චරිත් අත්අඩංගුවට ගැනීම ගැන සජබ වරුණගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - ප්‍රබල වීඩියෝවක් එළියට දායි
20:07
Video thumbnail
මම කිසිම පක්ෂ දේශපාලනයක නෑ දැන් - අගමැති - ජනපති එක්ක සාකච්ඡාවක් දෙන්න
18:47
Video thumbnail
ජනපති ඇවිත් කිව්ව දේට දායාසිරි කට උත්තර නැතිවෙන්න කියයි - ශානි, රවී අපේ සතුරෝ නෙවෙයි - විහිළු කතානේ
12:39
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42