AFC Banner
Empty Ad
Empty Ad

අම්මටයි දුවටයි මිළක් නියම කළ ජාවාරම්කරු ගැන තොරතුරු හෙළිවේ

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර පහළොස් හැවිරිදි දැරියක සහ ඇගේ මව මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.

සැකකරු රූමත් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමේ යෙදෙන පුද්ගලයකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටින අයකු බව පොලිසිය සඳහන් කළා.

මොහු මෙම දැරියගේ මව අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ මහළු ධනවත් ව්‍යාපාරිකයකුට රුපියල් විසිඑක් ලක්ෂයක මුදලට අලෙවි කර ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබෙනවා.

15 හැවිරිදි දැරිය ගල්කිස්ස ප‍්‍රදේශයේ සුපිරි මහල් නිවාසයක රඳවාගෙන රුපියල් දස දහස බැගින් මුදලට විවිධ පුද්ගලයන්ට අලෙවිකර ඇති බව ද  පොලිසිය සඳහන් කළා.

මෙම දැරිය මුල්වරට අලෙවි කර ඇත්තේ වැල්ලවත්ත ප‍්‍රදේශයේ මහලූ පුද්ගලයකුට රුපියල් තුන්ලක්ෂයක මුදලකටයි.

ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දිලීප පෙරේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව ගල්කිස්ස ස්ටේෂන් පාරේ මහල් නිවාසයක සිදුකළ වැටලීමකදී මෙම 15 හැවිරිදි දැරිය සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර එම මහල් නිවසේ සිටි පිරිමි දරුවන් දෙදෙනකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මුදලට අලෙවි වූ දැරිය සහ ඇගේ මව බියගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?