තිස්සකුට්ටිගේ කල්කිරියාව නිසා පොහොට්ටුවේ මන්ත්‍රී හිමිනමක් පක්ෂය අත්හරී (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චිගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම පක්ෂයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශී සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමියන් පක්ෂයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා අස් වූ උන්වහන්සේ සර්වජන බලය පක්ෂයේ මිහින්තලය ආසන සංවිධායක ධුරය ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

තිස්ස කුට්ටිආරච්චි අනුරාධපුර ජනතාව සම්බන්ධයෙන් සිදුකරන යම් යම් ප්‍රකාශ සහ ඔහුගේ ක්‍රියාකලාපය පක්ෂයෙන් ඉවත්වීමට හේතු වූ බව සඳහන් කරන පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමියන්, මෙලෙස දිගින් දිගටම කටයුතු කළහොත් පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හුදෙකලා වනු ඇති බවයි පැවසුවේ.

  1. දේශපාළනය ඔබලාට කැප නෑ.
    බණක් කියාගන පංසලට වෙලා ඉන්න.
    තිස්ස කක්කුස්සිආරච්චි කියන්නේ කසළ ශෝධකයෙක්