උස්මාන් තාරික්ගේ පන්දු යැවීමේ කිසිම ප්‍රශ්නයක් නෑ – පාකිස්ථාන නායකයා කියයි

මේ වන විට ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර දැඩිව කතා බහට ලක්ව ඇති පාකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක උස්මාන් තාරික්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් කණ්ඩායමේ නායක සල්මන් අලී ආගා අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටියා.

ඒ හෙට (15) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන තරගයට ප්‍රථමව දෙරටේ නායකයින් සහභාගී වූ මාධ්‍ය හමුවේදීයි.

එහිදී මාධ්‍යවේදීන් විසින් උස්මාන් තාරික්ගේ මෙම අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පාකිස්ථාන නායකයාගෙන් ප්‍රශ්න කළ අතර, ඔහු පවසා සිටියේ උස්මාන්ගේ එම පන්දුයැවීමේ කිසිඳු ප්‍රශ්න සහගත තත්ත්වයක් නොමැති බවයි.

උස්මාන් තාරික්ගේ මෙම පන්දු යැවීම දෙවරක්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පරීක්ෂාවට භාජනය කර ඇති බවත් එහිදී කිසිඳු පන්දුව දමා ගැසීමක් පිළිබද වාර්තා නොවූ බවත් පාකිස්ථාන නායකයා පවසනවා.

උස්මාන් තාරික් පාකිස්ථාන පන්දු යැවීමේ බලඇණියේ ප්‍රධාන තුරුම්පුවක් බවත් පහු මේ වන විට හොඳින් පන්දු යවමින් සිටින බවත් සල්මන් අලී වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
8
+1
2
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12