Update – අකුරේගොඩ වෙඩික්රුවන් පැමිණි කාර් රථයේ අංක තහඩුව සොයාගැනේ (ඡායාරූප)

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී ඊයේ (13) පස්වරුවේ සුපිරි වෙළඳසැලක රථගාලක අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ බවට සැක කෙරෙන අංක තහඩුවක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම අංක තහඩුව අයත් මෝටර් රථය සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් තලංගම පොලිසිය හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත දැනුම්දෙන ලෙසයි පොලිසිය මහජනතාව දැනුම් දෙන්නේ.

කුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථගාලක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ මෝටර් රථයක් තුළ දී ජීවිතක්ෂයට පත් වුණා.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබූ අතර, වෙඩි තැබීමට ටී 56 වර්ගයේ අවියක් හා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සොයාගත් අංක තහඩුව පහතින්..

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?