20-20 ලෝක කුසලානයේ මෙරට තරග වෙනුවෙන් ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරඟ පවත්වාගෙන යාමට පුළුල් වූත්, බහුවිධ වූත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මෙම තරඟාවලියේ පවතින ජාත්‍යන්තර වැදගත්කම මෙන්ම ලොව පුරා විවිධ රටවලින් පැමිණෙන ක්‍රීඩකයින්, නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ ප්‍රේක්ෂකයින් විශාල පිරිස සැලකිල්ලට ගනිමින්; ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් සැකසූ ඒකාබද්ධ ආරක්ෂක සැලැස්මක් සම්බන්ධීකරණය කර තිබෙනවා.

ඒ, අනුව සියලුම තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන, කණ්ඩායම් රැඳී සිටින හෝටල්, පුහුණු මධ්‍යස්ථාන, ගුවන් තොටුපළ සහ නම් කරන ලද ප්‍රේක්ෂක කලාප සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යොදවා තිබෙනවා.

තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව පුරාම සුරක්‍ෂිත පරිසරයක් සහතික කරනු පිණිස විසිහතර පැය පුරා ක්‍රියාත්මක ආරක්‍ෂක පද්ධති, ප්‍රවේශ පාලන ක්‍රියා පටිපාටි, වාහන පරීක්‍ෂා කිරීමේ ස්ථාන සහ ප්‍රේක්ෂක හැසිරවීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනු ලබන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

එමෙන්ම සහභාගී වන කණ්ඩායම්, සංවිධායකයින් මෙන්ම සම්භාවනීය අමුත්තන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් සඳහා සමීප ආරක්ෂාව සැපයීමට විශේෂ ආරක්ෂක ඒකක යොදවා තිබෙනවා.

CCTV නිරීක්‍ෂණ සහ තත්කාලීන බුද්ධි තොරතුරු සම්බන්ධීකරණය ඇතුළු ආවේක්‍ෂණ පද්ධති හරහා, පවතින තත්ත්වයන් නිරීක්‍ෂණය සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගුවන් අවකාශය පිළිබඳ නිරීක්‍ෂණ කටයුතු ද ඉහළ නංවා ඇති අතර, ඕනෑම හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම සඳහා වෛද්‍ය ඒකක ඇතුළු හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සීරුවෙන් තැබීමට පියවර ගෙන ඇති බව සඳහන්.

තරඟාවලියේ උත්සවශ්‍රීය ආරක්ෂා වන පරිදි මහජන සාමය සහ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට සහතික වනවා.

මේ අතර ආරක්ෂාක නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, ක්‍රීඩාංගන මාර්ගෝපදේශ පිළිපදින ලෙසත්, ඕනෑම සැකකටයුතු ක්‍රියාවක් පිළිබඳව බලධාරීන් දැනුවත් කරමින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සහාය වන ලෙසත්, අමාත්‍යාංශය ප්‍රේක්ෂකයින් ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34