ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශ්‍රාමික ප්‍රධාන ඉංජිනේරුවරයෙක් ඇතුළු තුනක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශ්‍රාමික ප්‍රධාන ඉංජිනේරුවරයෙකු, යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු සහ සෙනොක් ට්‍රේඩ් කම්බයින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සහකාර කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන පුනරුදය 2016/2018 ප්‍රතිපාදන යටතේ සංස්ථාව මගින් කෙරවලපිටිය කසල අංගනයේ යෙදවීම සදහා Long arm Excavators යන්ත්‍ර දෙකක් මිලදි ගැනිමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදි තෝරාගත් ආයතනය විසින් කර්මාන්තශාලාවේ නිෂ්පාදන කරන ලද යන්ත්‍රයක් මෙරටට ආනයනය කර, එම ආයතනය විසින් යන්ත්‍ර වල කොටස් ගලවා ඒ වෙනුවට වෙනත් අමතර කොටස් සවිකර නවීකරණය කර සැපයීමේ හා නිසි පරීක්ෂාවකින් තොරව එම යන්ත්‍ර භාර ගැනිම තුළින් රජයට රුපියල් මිලියන 41 ක පාඩුවක් සිදු කිරීමේ වරදට මෙම සැකකරුවන් ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14