කාන්තාවන් පිළිබඳ ගැටලු රැසක් මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සාකච්ඡාවට

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සභාපතිනිය ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්ව ඇති පුරප්පාඩුව සම්පූර්ණ කිරීම සහ කොමිෂන් සභාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට එහි සාමාජික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනහා සේල්වරාස් විසින් සංසදය වෙත යොමු කරන ලද 2026.02.02 දිනැති ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.

මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව, සහ අදාළ අංශ නියෝජනය කරන පිරිස් ඉතා ඉක්මනින් ජනාධිපති ලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය වුණා..

එමෙන්ම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ එවකට සභාපතිනිය ලෙස කටයුතු කළ ආචාර්ය රමණී
ජයසුන්දර විසින් 2026 ජනවාරි 20 දින සංසදය වෙත යොමු කරන ලද ලිපිය පරිදි 2024 අංක 37 දරණ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ ඇතිව තිබෙන කොමසාරිස්වරියකගේ පුරප්පාඩුව සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙවර කාන්තා දිනය සැමරීම සඳහා වැඩසටහන් සකස් කිරීමට හා 2026 වර්ෂයේ සංසදයේ ක්‍රියාකාරී සැලැස්මක සකස් කිරීම පිළබඳවද සාකච්ඡා වී තිබෙනවා.

ඒ අනුව මෙවර කාන්තා දිනයට සමගාමීව පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ සිදු කිරීමටත්, දේශපාලනය
තුළ බිම් මට්ටමේ කාන්තාවන් බල ගැන්වීම සඳහා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරියන් දැනුවත් කිරීමේ
වැඩසටහනක් සහ පළාත් පාලන සංසද සමග සාකච්ඡාවක් සිදු කිරීමටත් තීරණය වුණා.

තවද, කාන්තා හිංසනය පිටුදැකීම පිළිබඳ කාන්තා නියෝජනය ප්‍රමුඛවූ විවිධ වෘත්තීය සංවිධාන සමග සාකච්ඡාවක් සිදු කිරීමත් සංසදයේදී තීරණය වී තිබෙනවා.

එයට අමතරව ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුකොටගෙන පීඩාවට පත්ව සිටින කාන්තාවන් සහ ඔවුන්ගේ ගැටලු සම්බන්ධව සාකච්ඡාවක් සිදු කිරීමටද සංසද සාමාජිකත්වයේ එකඟතාව හිමිවුණා.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණයේ ඉන්නේ ධීවරයින් නෙවෙයිද ?කැබිනට් ඇමති සියල්ල හෙළිකරයි
08:17
Video thumbnail
රුපියලක්වත් අපි අවභාවිතා කරන්නේ නෑ
02:23
Video thumbnail
රාජපක්ෂලා බෞද්ධයාගේ කර මතින්ද ගොඩ ගියේ ?..අපි බය නෑ..මං සිංහල බෞද්ධ
01:53
Video thumbnail
"සෞඛ්‍ය ඇමති TikTok බලන එක නවත්තන්න"..නාමල්ව හිරේට දාලා ඡන්දෙට යනවද ?
04:09
Video thumbnail
ආණ්ඩුවට තව වැඩි කාලයක් නෑ
05:57
Video thumbnail
තුවක්කුවක් උස්සගෙන එළවලු ගන්න ආ මනුස්සයා..?
01:42
Video thumbnail
අපි කියන දේවල් මෙයාලට බිහිරි අලින්ට වීණා වයනවා වගේනේ..රැකියා විරහිත උපාධිධාරීන් සැරටම දෙසයි..
03:47
Video thumbnail
ත්‍රී රෝද රථයක් ටිපර් රථයක ගැටී රියදුරුට ජීවිතය අහිමි වෙයි
00:52
Video thumbnail
ආණ්ඩුව 2/3 බලයෙන් උන්මාදවෙලා..සජබයෙන් සැර කතාවක්
08:16
Video thumbnail
මාදැල් ධීවරයින්ට රත්න ගමගේ උත්තර දෙයි..අනාගතයක් ගැන හිතලයි අපි මෙහෙම තීරණයක් ගත්තේ..
01:09


?