සා.පෙළ උපකාරක පංති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

2025 අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ග­යට අදාළ උප­කා­රක පන්ති පැවැ­ත්වීම හෙට (11) මධ්‍යම රාත්‍රි 12.00 සිට විභා­ගය අව­සන් වන තෙක් සම්පූ­ර්ණ­යෙන්ම තහ­නම් වනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාග අපේ­ක්ෂ­ක­යන් සඳහා උප­කා­රක පන්ති පැවැ­ත්වීම සහ එම පන්ති මෙහෙයවීම, විෂ­යා­නු­බද්ධ දේශන, සම්ම­න්ත්‍රණ, වැඩ­මුළු පැවැ­ත්වීම, අනු­මාන ප්‍රශ්න ඇතු­ළත් ප්‍රශ්න පත්‍ර මුද්‍ර­ණය කිරීම සහ ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍ර­වල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න දෙන බවට පෝස්ටර්, බැනර්, අත්ප­ත්‍රිකා විදත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබාගැනීම සපුරා තහ­නම් බවයි.

යම් පුද්ගලයෙක් හෝ ආය­ත­න­යක් හෝ වෙනත් පාර්ශ්ව­යක් මේ නියෝග නොස­ලකා ක්‍රියා කළොත් ඔවුන්ව නීතිය හමුවේ වරද­ක­රු­වකු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කිසි­යම් තැනැ­ත්තකු හෝ ආය­ත­න­යක් හෝ පාර්ශ්ව­යක් මේ නියෝග යම් ආකා­ර­ය­කින් කඩ කිරී­මක් හෝ උල්ලං­ඝ­නය කිරී­මක් සිදුකළොත් ඒ පිළි­බ­ඳව ළඟම ඇති පොලිස් ස්ථානය හෝ පොලිස් මූල­ස්ථා­නය හෝ ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව වෙත පැමි­ණිලි කිරීමට හැකියාව පවතිනවා.

සාමාන්‍ය පෙළ විභා­ගය මේ මස 17 වනදා ආරම්භ වන අතර, මේ මස 26 වනදා දක්වා විභාග මධ්‍ය­ස්ථාන 3,545කදී පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12