කස්සප හිමි අත්අඩංගුවට ගත්තේ හදිසි නීතිය යටතේ නෙවෙයි – අග්‍රාමාත්‍යවරිය

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ හදිසි නීතිය යටතේ නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ සාමාන්‍ය නීතියට යටතේ බවයි.

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

මේ අතර අග්‍රාමාත්‍යවරියට පෙර පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩා ප්‍රකාශ කර සිටියේ, ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හදිසි නීතිය යටතේ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58


?