බේරුවල පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් – හතක් රෝහලට

බේරුවල අධ්‍යාපන කලාපයට අයත් වලතර මහා විද්‍යාලය සහ අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් හත්දෙනෙක් රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ (05) ඇති වූ මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ දී ඉතිහාසය විෂය සම්බන්ධයෙන් පවත්වන ලද සම්මන්ත්‍රණයකට සහභාගි වූ බේරුවල වලතර මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට මෙලෙස
පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පහර දුන් බවයි වලතර මහා විද්‍යාලයේ ගුරුවරුන් විසින් පැමිණිල්ලක් අලුත්ගම පොලිසිය වෙත යොමු කර තිබෙනවා.

සම්මන්ත්‍රණය අතරතුර ඇති වූ කතාබහක් දුර දිග යාමෙන් එම සම්මන්ත්‍රණය අවසන් වීමෙන් පසු පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් මෙසේ වලතර මහා විද්‍යාලයේ සිසුන්ට පාදාගොඩ මහ විද්‍යාලය ආසන්නයේ දී පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීමට පාදාගොඩ ප්‍රදේශයේ වෙනත් පුද්ගලයින් ද සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29