“ඇමැති ලන්සාට මෙහෙට එන්න කියන්න..වතුරේ ඔබලා ගන්නම්” – ජනතාවට යකා නගී

කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවන ස්ථාන ආශ්‍රිත නිවාස ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.

පසුගිය දිනවල ඇඳහැළුණු අධික වර්ෂාවත් සමග ගම්පහ නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක් ජලයෙන් යට වුණා.

අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් තවමත් ජාඇල – කදාන සහ ජා ඇල – ගම්පහ මාර්ග ජලයෙන් යට වී තිබෙනවා.

ගම්පහ ජනතාව පෙන්වා දෙන්නේ කිසි දිනෙක බලනොපාන ලද මෙම ගංවතුර තත්ත්වය නිසා කුඹුරු ඉඩකඩම් දේපොළ ව්‍යාපාර සියල්ල විනාශයට පත්ව ඇති බවයි.

වෙළෙඳසැල්වල බඩුබාහිරාදිය සියල්ලක්ම පාහේ විනාශ වී ඇති ඇති අතර ලක්ෂ ගණනින් අලාභහානි සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ගම්පහ, මගලේගොඩ ප්‍රදේශයේ දමා ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා ගෙන ආ පස් කඳු හේතුවෙන් ජලය බැස නොයන බව පවසමින් ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවක් ද පැවැත්වීමට සූදානම් වුණා.

නමුත් පොලීසිය මැදිහත්ව එය වැළැක්වීමට පියවර ගත්තේ නිරෝධායන නීතිරීති කඩවන බව පවසමිනි.

දේවානි නිසා ගංවතුර

මේ අතර එම විරෝධතාවට පැමිණි කාන්තාවක් පවසා සිටියේ “මම බය නැතිව කියනවා නිමල් ලංසා. එයා කිව්වේ හයිවේ එකේ කිසිම කෙනෙකු යට වෙලා නෑ කිව්වා. ලංසාට මෙහාට එන්න කිව්වා නම් අපි වතුරේ ඔබලා හරි ගන්නවා. එච්චර වතුර මෙහෙ”

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සෞභාග්‍යයේ මංපෙත් විප්ලවය වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවට පෙරේදා (07) දින සහභාගී වෙමින් පැවසූවේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර ප්‍රදේශ ගංවතුරට යටවෙනවා කියන චෝදනාව යොමු වෙන්න ඕනේ එම සංවර්ධන ව්‍යපෘති සිදු කරගෙන යනකොට ඒවාට බාධා කරපු අයට හා මධ්‍යම අධිවේගයේ සැලසුම් වෙනස් කළ යහපාලන රජයට බවයි.

“මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර පැති යට වෙනවා කියලා කියනවා. මේ වෙනකොට අධිවේගී මාර්ග පද්ධති හදපු කොහෙවත් යටවෙලා නැහැ. හැබැයි සමහර වැඩ පටන් ගත්තාම ඒවා කරගන්න බැරිවෙන්න ප්‍රායෝගිකව විවිධ බාධක දැම්මා. මධ්‍යම අධිවේගයේ ගම්පහ ප්‍රදේශයේ කෘඩියා සිලනිකා ගහේ ප්‍රශ්නය නොදැම්මනම් මේ වෙනකොට එම ප්‍රදේශයේ ඇල මාර්ග හාරලා, ඇල මාර්ග සංවර්ධනය කරලා අධිවේගී මාර්ගය ක්‍රමවත්ව හදන්න තිබුනා. හැබැයි ඒ බාධා කරපු අයට තමයි මේ ගංවතුර ප්‍රශ්නයට අදාළ චෝදනා යොමු වෙන්න ඕනේ. ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ අධිවේගී මාර්ගය යන්න තිබුනේ කුලුනු මතින්. යහපාලනය ඇවිල්ලා ඒවා වෙනස් කළා. ඒ නිසා සමහර ප්‍රශ්න අපිට නිවැරදි කරගෙන යන්න සිදුවෙලා තියෙනවා.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

“අධිවේගී මාර්ග පද්ධති හදපු කොහෙවත් යටවෙලා නැහැ”යනුවෙන් ලාන්සා අමාත්‍යවරයා කළ ප්‍රකාශය ගැන ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත්වූ ජනතාව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
08:05:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට හොඳම එකෙන් පාඩම් කියලා දෙයි - තොරතුරු වසන් කරපු අය ආණ්ඩුවේ Best Friends
09:18
Video thumbnail
භෞතික චිකිත්සකවරිය ඝා#නයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි - දරුවත් අරගෙන බස් එකට නගින හැටි
01:16
Video thumbnail
සරත් ෆොන්සේකාගේ නිල නිවසේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කළා - වටගල ගැම්මට කිව්ව කතාව
03:59
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24