වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ චින්තක හේවාපතිරණ තේරී පත්ව තිබෙනවා.
ඒ, අද ()2) පැවැති ඡන්ද විමසීමේදීයි.
මෙහිදී චින්තක හේවාපතිරණට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 21ක් හිමි වූ, අතර ඒ අනුව වැඩි ඡන්ද එකකින් වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගයට හිමි වුණා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර පසුගිය 2025 වසරේ ඔක්තෝබර් 22 වනදා නිල මැදිරිය තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණා.
ඒ, අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුර පුරප්පාඩුව පැවතියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
2
+1
+1
+1
+1



