AFC Banner
Empty Ad
Empty Ad

14දා රට අරිනවද නැද්ද තීරණය ගන්න දිනය ඇමති කියයි

එළඹෙන 14 වැනි සදුදා රට විවෘත කරනවා ද නැද්ද යන තීරණය එළඹෙන 12 වැනි දා පමණ ගැනීමට නියමිත බව කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයාද වන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එදිනට සෞඛ්‍ය බලධාරීන්ගේ මතය ද විමසා 14 වැනි දා රට විවෘත කිරීමට දැනට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කරන බවයි.

රට මේ ආකාරයට වසා තැබීමෙන් දෛනික ඉපයීම්  කරන්නම් , ස්වයං රැකියා රැකියාලාභීන් මුහුණ දී සිටින තත්ත්වය ගැනද විශේෂ අවධානයක් එහිදී යොමු කරන බව අමාත්‍යවරයාගේ අදහසයි.

විශේෂ අවධානය මේ පිරිස ගැන

පනවා ඇති වසංගත ඇඳිරි නීතිය එසේත් නැතිනම් සංචාරණ සීමා කිරීම ඊයේ (7) ඉවත් කිරීමට නියමිතව තිබුණද එය එළඹෙන 14 දක්වා දීර්ඝ කිරීමට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මූලිකත්වය දරන කොවිඩ් – 19 මෙහෙයුම් කමිටුව තීරණය කර තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මේ කරුණු හෙළිදරව් කළේ ඊයේ (7) හිරු රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?