හිටපු ජනපති ගෝඨාභය ඇතුළු පිරිසකට නොතිසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස්

2022 වසරේ මැයි මස 09 වැනිදා අරගලයට පහරදීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට මෙම නඩුකරය සම්බන්ධ නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා.

ඒ අනුව අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් අල්විස් යන මහත්වරු වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමති තනිකර බොරු කරන්නේ - ඇප දෙන්න පුළුවන් අයට ඇප දෙන්න
12:13
Video thumbnail
නැවකින් මුහුදට වැටුණ බහාලුමක් කයිකාවල වෙරළට ගොඩ ගසයි - මෙන්න සමීප දර්ශන
01:13
Video thumbnail
ආණ්ඩුව මේකේ වගකීම බාරගන්න? ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි - බන්ධනාගාරයවත් පාලනය කරගන්න බෑ
04:50
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට
00:16
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට - "අපි විශේෂ සිරකරුවෝ..බොරුවට නුවරට අරන් යන්නේ"
00:39
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55
Video thumbnail
මහරට ආ තවත් හමුදා නිලධාරින් පිටව යන අයුරු - කට්ටිය පෝළිමට යන හැටි
03:19
Video thumbnail
අධිකරණ ඇමති ගාන හොයන්න බැරිව සමාජ මාධ්‍ය බලනවා ඇති - විමල්ගෙන් සැර කතාවක්
04:32
Video thumbnail
මහර සිදුවීම ගැන අජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා - ආණ්ඩුවේ අසාර්ථකත්වය ඊයේ මහර පෙන්නුවේ
08:30