අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත පාසල් සංවර්ධන නිලධාරීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක සහ මාරාන්තික උපවාසයක නිරත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් සහ පොලිසිය අතර අද (27) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

පොලිස් නිලධාරීන් පැමිණ උපවාසයේ නිරතව සිටින එම සාමාජිකයින්ට පදික වේදිකාව අවහිර වෙන ලෙස නිදා නොසිටින ලෙසත්, අව්වෙන් ආරක්ෂාවීමට එල්ලා තිබූ ආවරණ ඉවත්කරන ලෙස දැනුම්දීමත් සමඟ මෙම තත්ත්වය හටගත්තා.

වසර හතක් තිස්සේ අධ්‍යාපන කටයුතු සිදුකළ පාසල් සංවර්ධන නිලධාරීන්, ගුරු සේවයට අන්තර්ගහනය කරන ලෙස ඉල්ලා මෙලෙස ඉල්ලමින් එම සංගමයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (26) අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?