2025 වසරේ මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 17,200 ඉක්මවයි – වැඩිම අපනයන ඇමරිකාවට

2025 දී ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 17,200 ඉක්මවා ගොස් තිබෙනවා.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා රේගුවේ අපනයනය සම්බන්ධ දත්තවලට අනුව සමස්ත වෙළඳ භාණ්ඩ අපනයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 13,579ක් සහ සේවා අංශයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 3,672ක් බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර පොල් ආශ්‍රිත අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනය 2025 වර්ෂයේ දී දැකගත හැකි බව සඳහන් කළ සභාපතිවරයා එම ආදායම ඩොලර් මිලියන 1,200 සීමාව ඉක්මවා ගොස් ඇති බව සඳහන් කළා.

එමෙන්ම සේවා අංශයේ අපනයන ආදායම පිළිබඳව සැලකීමේ දී තොරතුරු තාක්ෂණ අංශයේ කැපී පෙනෙන වර්ධනය පසුගිය 2025 වසර තුළ දැකගැනීමට හැකි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව ඔහු පැවසුවේ තොරතුරු තාක්ෂණ අංශයේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1600 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.

2025 වර්ෂයේ දී වැඩිම අපනයන සංඛ්‍යාවක් ඇමරිකා එක්සත් ජනපදයට සිදුකර ඇති බවත්, දෙවනි තැනට ඉන්දියාව පසුවන බවයි සභාපතිවරයා පැවසුවේ.

ඊට අමතරව එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, හොංකොං, ඕස්ට්‍රේලියාව, ජපානය සහ ඉතාලිය වැනි රවවල්වලින් කැපී පෙනෙන අපනයනන වර්ධයක් දක්නට ඇති බව ද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18