කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හයදෙනා ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකාර පොලිස් නිලධාරින් හයදෙනා අද (26) දිනයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර පොලිස් නිලධාරින් හයදෙනා ලබන 26 වනදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමුකරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
පහරදීක් සම්බන්ධයෙන් කතෝලික පියතුමෙක් සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරින් හයදෙනා ඊයේ (25) දිනයේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (26) දිනයේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.













