කොහුවල දී අවුරුදු 16ක දැරියකට වෙඩි තැබූ වෙඩික්කරු අත්අඩංගුවට

පසුගිය දෙසැම්බර් මස 30 වන දින කොහුවල පොලිස් වසමේ බෝධිවත්ත ප්‍රදේශයේ දී නිවසක් ඉදිරිපිට සිටි අවුරුදු 16ක ගැහැණු ළමයෙකුට වෙඩි තබා තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධය දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත සිදු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ (23) දහවල් කොට්ටාව පොලිස් වසමේ දී බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 35 ක් දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසියට සඳහන් කළේ.

මෙම සැකකරු යුද හමුදාවට බැඳී නොදන්වා සේවයට වාර්තා නොකර සිට පසුව පොදු සමා කාලය තුල 2013 වර්ෂයේදී නිත්‍යාණුකූලව සේවයෙන් ඉවත්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු අද (24) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර පසුගිය දෙසැම්බර් මස 06 වන දින දෙහිවල, වනරත්න පාර ඒ ක්වාටස් ක්‍රීඩාපිටිය අසලදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකළ සිද්ධියේ එක් වෙඩික්කරුවෙකු ලෙස ද මොහු කටයුතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත අපරාධය සිදු කිරීමට යොදා ගත් විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් දෙහිවල පොලිස් වසමේ පාළු නිවසක සඟවා තිබියදී සොයා ගෙන තිබෙනවා.

එම අපරාධයේ අනෙක් වෙඩික්කරු මෙරට නිෂ්පාදිත බෝර 16 වර්ගයේ ගිනි අවියක්ද සමඟ පසුගිය දෙසැම්බර් 17 වන දින අත්අඩංගුවට ගෙන ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිතබන්ධනාගාර ගතව පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50