හල්දුම්මුල්ලේ දරුණු බස් රථ අනතුරක් – රියදුරා ජීවිතක්ෂයට (වීඩියෝ)

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් හල්දුම්මුල්ල, ඌවතැන්න ප්‍රදේශයේ දී අද (18) උදෑසන මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු අසුන පිහිටි දොර එකවරම විවෘතව ඇති අතර, එම අවස්ථාවේ දී රියදුරු එම දොර වැසීමට උත්සාහ කළ අවස්ථාවේ දී රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ වේල්ලක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි හල්දුම්මුල්ල පොලිසිය පැවසුවේ.

අනතුරින් බස් රථයේ රිය සහයක, වයස අවුරුදු 11 පිරිමි දරුවෙකු, කාන්තාවක් සහ තවත් පුද්ගයන් 04 දෙනෙකු තුවාල ලබා හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරින් මියගිය බස් රථයේ රියදුරු ඇටම්පිටිය, දෙහිවිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 49ක පුද්ගලයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03