රීප්ප පටියකින් ගහලා පියාව ඝාතනය කරලා – වැඩිමල් පුතා අත්අඩංගුවට

වැඩිමහල් පුත්‍රයා විසින් රීප්ප පටියකින් සිදුකළ පහරදීමකින් පියා මියගොස් තිබෙනවා.

මැදවච්චිය, කඩවත්ගම ප්‍රදේශයේ නිවසක ඊයේ (16) මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වැඩිමහල් පුත්‍රයා සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර, ඊයේ (16) උදෑසන පියා හිසෙහි තුවාල සහිතව නිවසේ මිදුලේ වැටී මියගොස් සිටින බව අසල නිවසක පදිංචි බාල පුතා විසින් දැක තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී ආවරණය වී ඇත්තේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා වැඩිමහල් පුත්‍රයා සමඟ මත්පැන් පානය කර ඇති බවත්, ඇතිවූ ආරවුලක් මත පුතා විසින් රීප්ප පටියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා අවුරුදු 67ක වූ කඩවත්ගම, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකාර 42 හැවිරිදි වැඩිමල් පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවටත් දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වැඩිදුර විමර්ශන මැදවච්චිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?