රීප්ප පටියකින් ගහලා පියාව ඝාතනය කරලා – වැඩිමල් පුතා අත්අඩංගුවට

වැඩිමහල් පුත්‍රයා විසින් රීප්ප පටියකින් සිදුකළ පහරදීමකින් පියා මියගොස් තිබෙනවා.

මැදවච්චිය, කඩවත්ගම ප්‍රදේශයේ නිවසක ඊයේ (16) මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වැඩිමහල් පුත්‍රයා සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර, ඊයේ (16) උදෑසන පියා හිසෙහි තුවාල සහිතව නිවසේ මිදුලේ වැටී මියගොස් සිටින බව අසල නිවසක පදිංචි බාල පුතා විසින් දැක තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී ආවරණය වී ඇත්තේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා වැඩිමහල් පුත්‍රයා සමඟ මත්පැන් පානය කර ඇති බවත්, ඇතිවූ ආරවුලක් මත පුතා විසින් රීප්ප පටියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා අවුරුදු 67ක වූ කඩවත්ගම, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකාර 42 හැවිරිදි වැඩිමල් පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවටත් දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වැඩිදුර විමර්ශන මැදවච්චිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08
Video thumbnail
කටුනායක අධිවේගී මාර්ගයේ කොටස් හොරු ගලවනවා..ආරක්ෂා කිරීමේ පියවරක් නැද්ද ?
01:34
Video thumbnail
රනිල් උස්සපු රට, අනුර කුමාර ආයේ වැට්ටුවා
05:01
Video thumbnail
පිල්ලෙයාන්ගේ ජීවිතය ගැන අපිට නැති කැක්කුමක් ආණ්ඩුවට ඇතිවෙලා
02:55
Video thumbnail
නලින්ද විපක්ෂයට කට උත්තර නැති වෙන්න අමතයි..විපක්ෂය ඉතුරුවෙලා ඉන්න පාක්ෂිකයින් කුල්මත් කරනවා
05:37
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21