පරවි රංචුවක් මුහුදෙන් එද්දී නාවික හමුදාවෙන් අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය, කච්චතිව් දුපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පරවියන් 237ක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අද (14) අලුයම් කාලයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 25 සහ 41 අතර වයසේ පසුවන යාපනය ඩෙල්ෆ්ට් දූපතේ පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ පක්ෂීන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?