අවුරුදු 13 පෙම්වතිය කෙලෙසූ හිටපු පෙම්වතා අත්අඩංගුවට

වයස අවුරුදු 13ක බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවුරුදු 19ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

සැකකරු සහ දූෂණයට ලක්ව ඇති දැරියගේ මව එකම ආයතනයක සේවයකර සිට ඇති අතර, එහිදී සැකකාර තරුණයා සහ දැරිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් හටගෙන තිබෙනවා.

ඒ, අනුව පසුගිය සැප්තැම්බර් මස 26 වනදා දැරිය පදිංචිව සිටින කුලී නිවසේ දී සැකකරු විසින් ඇයව දූෂණය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තමන් දෙදෙනා ලිංගික සම්බන්ධතා පැවැත් වූ බව කිසියම් අයෙකුට පැවසුවහොත් ඇයව මරාදමන බවට ද සැකකරු දැරියට තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව දැරිය සහ සැකකරු අතර තිබූ ප්‍රේම සම්බන්ධතාවය නැවතී ඇති අතර, දැරිය වෙනත් තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර පවතවාගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී සැකකරු දැරියගේ නව පෙම්වතාට පවසා ඇත්තේ තමන් සහ ඇය අතර ලිංගික සම්බන්ධතාවයන් පැවති
බවයි.

මේ බව දැරියගේ පෙම්වතා ඇයගෙන් විමසා ඇති අතර, එම විමසීමෙන් අනතුරුව දැරිය තමන් පදිංචි කුලී නිවසේ කාමරයක හඬමින් සිටින විට එම නිවසේ හිමිකාරිය දැක තිබෙනවා.

එම අවස්ථාවේ කාන්තාව විසින් සිදුකරන ලද විමසීමේ දී දැරියට සිදුවී ඇති අපරාධය හෙළිවී ඇති අතර, පසුව එම කාන්තාව සිද්ධිය පිළිබඳව දැරියගේ මවට පවසා තිබෙනවා.

පසුව මව විසින් දැරිය ද සමඟ හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණ පැමිණිලි කර ඇති අතර, එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

දැරිය ඇයගේ මව භාරයේ වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28