2048 වන තුරු බලා සිටින ලෙස ජනතාවට කියන්නේ නැහැ – ජනපති කුරුණෑගලදී කියයි

ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත යළි ලබා දිය නොහැකි වුවත් බිඳ වැටුණු ජන ජීවිතය යළි ආරම්භ කිරීම වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සෑම අනුග්‍රහයක්ම ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

තම අරමුණ වන්නේ ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට පෙර පැවති තත්ත්වයට වඩා උසස් ජීවන තත්ත්වයක් අත්කර දීම බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වූ ශක්තිමත් වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරමින් තිබෙන බවත්, එම ජනතාවට 2048 වන තුරු බලා සිටින ලෙස පැවසීමට තමා කටයුතු නොකරන බවත් සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ආපදාවෙන් පූර්ණ ලෙස නිවාස අහිමි වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ සහ වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (09) පස්වරුවේ කොබෙයිගනේ, විතිකුලිය ප්‍රදේශයේ එක් වෙමින්.

ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක PROJECT 5M වැඩසටහන යටතේ ‍නිකවැරටිය, කොබෙයිගනේ, රස්නායකපුර, කොටවෙහෙර, පන්නල, බිංගිරිය, මහව, වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදා තත්ත්වයෙන් පූර්ණ නිවාස හානි සිදු වූ, නැවත එම ස්ථානයේම නිවස ඉදිකළ හැකි බවට තත්ත්ව සහතිකය ලද නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම ආරම්භ කිරීම සහ වන්දි ප්‍රදානය මෙහිදී සිදු කෙරුණා.

ආපදාවෙන් පසු යළි නැගීසිටීමට විශාල කාලයක් ගතවනු ඇතැයි ඇතැමුන් අපේක්ෂා කළද, මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් රට සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය සමත් වී තිබෙන බවත්, එහිදි වෙහෙස නොබලා ධෛර්යයෙන් සහ කැපවීමෙන් කටයුතු කළ ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළු සියලුදෙනා වෙත තම ප්‍රණාමය පුද කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම, ඉදිරියේදී ඕනෑම ව්‍යසනයකට මුහුණ දිය හැකි අන්දමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් එක්ව වැඩකරමු’යිද ජනාධිපතිවරයා සියලුදෙනාට ආරාධනා කරනු ලැබුවා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46