නව අධ්‍යාපන මොඩියුල ගැන විශේෂ තීරණයක් – ඉන්ටර්නෙට් නැති පාසල් 1873ට මාර්තුවේ ඉන්ටර්නෙට්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත 01 සහ 06 ශ්‍රේණි සඳහා යොදාගත යුතු මොඩියුල 106ක් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය අවසන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ, අනුව දෙවන සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලය පිළියෙළ කිරීමේ දී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය නියම කර ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය කටයුතු මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි ඇය පාර්ලිමේන්තුවේ දී අද (09) දිනයේ අදහස් දක්වමින් පැවසුවේ.

දැනට මෙම මොඩියුලර් සඳහා ඇතුළත් කර ඇති වෙබ් අඩවි හා අනෙකුත් මූලාශ්‍ර සඳහා මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන ඒවා වන අතර, රාජ්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේ දී විනිවිදභාවය වගකීම සහ ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් මතු නොවන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බළකාය විසින් මේ වනවිට ඩිජිටල් භාවිතය පිළිබඳ ළමා ආරක්ෂණය පැතිකඩ තුළින් අධ්‍යනයක් සිදුකර ඒ සඳහා ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශයක් පිළියෙළ කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ, අනුව එය ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි ඇය පැවසුවේ.

මේ අතර එක සහ හය ශ්‍රේණි සඳහා වූ නව මොඩියුල යටතේ ඉගැන්වීම් කිරීමේ දී අන්තර්ජාල භාවිතය අත්‍යවශ්‍ය නොවන අතර, එය ඉගෙනුම් ආධාරකයක් ලෙස පමණක් භාවිත කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා සිටියා.

මෙම නව මොඩියුලයට අදාළ සියලු කරුණු ගුරු අත්පොතට ඇතුළත් කර ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරිය අන්තර්ජාල යෙදවුම් භාවිතයෙන් තොරව කටයුතු සිදු කිරීමට ගුරුවරයාට හැකියාව ඇති බවයි පැවසුවේ.

මේ අතර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු 09ක් වෙත රුපියල් මිලියන 1600ක් වෙන්කරමින් සුහුරු පුවරු හෝ පරිගණක යන්ත්‍ර ලබාදීමට කටයුතු කරමින් පවතින බවයි ඇය සඳහන් කළේ.

ඒ, අනුව පාසල් 2498ක් සඳහා සුහුරු පුවරු එළඹෙන පෙබරවාරි මාසට වනවිට එම පාසල් වෙත බෙදාදීමට නියමිත බවත් ඇය පවසා සිටියා.

ඊට අමතරව දැනට කිසිඳු අන්තර්ජාල පහසුකම් නොමැති පාසල් 1873 සදහා අන්තර්ජාල පහසුකම් ලබාදීමට සාකච්ඡා අරඹා ඇති බවත් එළඹෙන, මාර්තු මාසය වනවිට කුමන හෝ අන්තර්ජාල පහසුකමක් ලබාදීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20
Video thumbnail
රාජාංගන ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි
00:37
Video thumbnail
ත්‍රීවීල් හිමියන් කුපිත වී රෙදි ගැ#වෙන්නම දෙසයි.."ගණන් අඩුයි නෙවෙයි යකෝ හිඟන ගණන් තියෙන්නේ"
08:14


?