මීට පස්සේ ප්‍රමිතිය බලන්නේ නාමල්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු රජයේ තවත් ප්‍රමුඛ ආයතන 5ක් ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත් කළ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා යටතට පත් කර ඇත.

තරුණ හා ක්‍රීඩා කැබිනට් ඇමැති නාමල් රාජපක්ෂ පසුගිය 03 වැනිදා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දෙනු ලැබූ අතර එම රාජ්‍ය ඇමැති ධුරයට මෙම ආයතන ඇතුළත් කර තිබේ.

අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි

  • ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,
  • කාර්මික තාක්ෂණ ආයතනය,
  • ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්,
  • ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව,
  • ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් එෆ් බයෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත් වනු ඇත.

ඩිජිටල් තාක්ෂණ ව්‍යාපාර පුළුල් කිරීම මගින් විදේශ ආදායම් ඉපදවීම් සහ ඉහළ ආදායම් සහිත රැකියා සඳහා තරුණ තරුණියන්ට යොමුවීමට ඇති ඉඩ ප්‍රස්තාව පුළුල් කිරීම මෙම අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතා අතර වේ.

නයන තරංග ගමගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34