දිට්වා හානි කළ වගාබිම් හෙක්ටයාර් 56,000 කට වන්දි ගෙවා අවසන් – පිරිවැය මිලියන 8,300ක්

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වී, ධාන්‍ය, බඩඉරිඟු, රටකජු සහ සෙසු බෝග වගා බිම්වල සිදු වූ හානි වෙනුවෙන් නැවත වගාකිරීම සඳහා ගොවීන් 96,847 දෙනෙකුට වන්දි ලබාදී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි පවසනවා.

මෙහිදී එක් ගොවියෙකුට හෙක්ටයාරයකට රුපියල් 150,000 බැගින් වන්දි ලබා දී ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ඒ, අනුව රුපියල් මිලියන 7,500ක මුදලක් මෙම වන්දි ගෙවීම වෙනුවෙන් වියදම්කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර හානියට පත් මෑ, බෝංචි, කැරට්, ගෝවා, මිරිස්, කෙසෙල්, පැපොල්, අන්නාසි සහ භාග එළවළු යන භෝගවලට හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දි ගෙවීම් සිදුකර ඇති අතර, එහිදී ගොවීන් 7,964ක් සඳහා වන්දි පිරිනමා ඇති බවත් ඔහු සඳහන් කළා.

මෙහිදී හානියට පත් හෙක්ටයාර 6,000ක් වෙනුවෙන් වන්දි ලබාදීම සිදුකර ඇති බවත්, ඒ සඳහා රුපියල් මිලියන 800ක පිරිවැයක් දරා ඇති බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම මේ දක්වා දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වගාබිම් හෙක්ටයාර් 56,000 කට අදාළව වන්දි ලබාදීම සිදුකර ඇති බවත්, එහිදී ගොවීන් 104,847 දෙනෙකු සඳහා වන්දි හිමිව තිබෙනවා.

වගා හානි වෙනුවෙන් මේ වනවිට වන්දි ලබාදීම සඳහා දරා ඇති සමස්ත පිරිවැය රුපියල් මිලියන 8,300ක් බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54