දිට්වා හානි කළ වගාබිම් හෙක්ටයාර් 56,000 කට වන්දි ගෙවා අවසන් – පිරිවැය මිලියන 8,300ක්

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වී, ධාන්‍ය, බඩඉරිඟු, රටකජු සහ සෙසු බෝග වගා බිම්වල සිදු වූ හානි වෙනුවෙන් නැවත වගාකිරීම සඳහා ගොවීන් 96,847 දෙනෙකුට වන්දි ලබාදී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි පවසනවා.

මෙහිදී එක් ගොවියෙකුට හෙක්ටයාරයකට රුපියල් 150,000 බැගින් වන්දි ලබා දී ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ඒ, අනුව රුපියල් මිලියන 7,500ක මුදලක් මෙම වන්දි ගෙවීම වෙනුවෙන් වියදම්කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර හානියට පත් මෑ, බෝංචි, කැරට්, ගෝවා, මිරිස්, කෙසෙල්, පැපොල්, අන්නාසි සහ භාග එළවළු යන භෝගවලට හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දි ගෙවීම් සිදුකර ඇති අතර, එහිදී ගොවීන් 7,964ක් සඳහා වන්දි පිරිනමා ඇති බවත් ඔහු සඳහන් කළා.

මෙහිදී හානියට පත් හෙක්ටයාර 6,000ක් වෙනුවෙන් වන්දි ලබාදීම සිදුකර ඇති බවත්, ඒ සඳහා රුපියල් මිලියන 800ක පිරිවැයක් දරා ඇති බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම මේ දක්වා දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වගාබිම් හෙක්ටයාර් 56,000 කට අදාළව වන්දි ලබාදීම සිදුකර ඇති බවත්, එහිදී ගොවීන් 104,847 දෙනෙකු සඳහා වන්දි හිමිව තිබෙනවා.

වගා හානි වෙනුවෙන් මේ වනවිට වන්දි ලබාදීම සඳහා දරා ඇති සමස්ත පිරිවැය රුපියල් මිලියන 8,300ක් බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට රැගෙන ආ මතුගම සභාපතිට ඇප
05:35
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අගමැතිතුමිය වෙනුවෙන් අපි ඉන්නවා
05:54
Video thumbnail
උසස් පෙළ විභාගයට වෙන්න යන දේ මෙන්න..විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
13:54
Video thumbnail
මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් සොයාගන්න විශේෂ පරීක්ෂණයක්
03:14
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආණ්ඩුවට පාඩමක් - අපිත් ලොකු ටෝක් දැම්මනේ
10:11
Video thumbnail
කාලගුණය ගැන අනතුරු අඟවයි - පීඩන අවපාතය දිවයිනට ඇතුළු වෙන ලකුණු
01:56
Video thumbnail
ලේකම්තුමියට ප#හරදුන් බව කියූ මතුගම සභාපති අධිකරණයට
02:15
Video thumbnail
පොහොට්ටු ආණ්ඩුවක් හදනකම් මිනිස්සු බලාගෙන ඉන්නවා
10:10
Video thumbnail
ඔයා මට අණ කරන්න එපා - අර්චුනා කථානායක එක්ක පැටලෙයි
01:59
Video thumbnail
සජිත්ට කතාකරන්න දුන්නේ නෑ කියලා ලොකු වලියක්
08:24


?