ඉදිරි දින කිහිපයේ කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.














Before the general public, please officially notify the government.
No need. Government means officers like you . Dont blame president for all these rubbish