ආපදා මරණ 16ක් දක්වා ඉහළට

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති ආපදා නිසා මියගිය පුද්ගලයින් ගණන 16ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 3 දෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් 5 දෙනෙකු සිදුවූ අනතුරුවලින් තුවාල ලබා තිබේ.

ඒ අනුව ආපදා හේතුවෙන් 270,912 දෙනෙකු විවිධ පීඩාවන්ට පත්වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

මේ අතර ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රදේශයෙනි.

ඒ මිලිමීටර 108.2 ක් ලෙසය.

මේ අතර කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් වැඩි බලපෑමට ලක්ව ඇත්තේ කඩුවෙල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල වෙසෙන ජනතාවය.

කඩුවෙල නගරය ද අද අඩි 03ක් පමණ උසට ජලයෙන් යට වී තිබුණි.

ඒ හේතුවෙන් හංවැල්ල කොළඔ ලෝලෙවල් මාර්ගයේ ගමනාගමන කටයුතු කඩුවෙල නගරයෙන් ඇණහිට තිබේ.

කැලණි ගඟ පිටාර යෑමත් සමඟ එහි එක් මාඉමක් වන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක්ද ජලයෙන් යටව පවතී.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් දීඇලි ඔය පිටාර ජලය නිසි පරිදි ගලා නොබැසීම නිසා තම නිවාස ජලයෙන් යට වනබව පවසමින් මීරිගම අවට ගම්මාන 5ක ජනතාව අද විරෝධතාවයක ද නිරතවුණි.

වැසි පවතින තත්වයක් තුළ පන්නල කෝන්ගොඩ ඔයේ දිය නෑමට ගොස් අතුරුදහන්ව සිටි තරුණයාගේ මළ සිරුර ද ඊයේ රාත්‍රියේ සොයා ගැනුණි.

මේ අතර දැඩි වර්ෂාවත් සමඟ ඇතැම් ස්ථානවල ගස් කඩාවැටීම් හා රැහැන් පද්ධතිවලට වූ හානි නිසා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටී තිබේ.

විදුලිබල මණ්ඩලය සඳහන් කළේ පාරිභෝගිකයන් ලක්ෂයකට ආසන්න පිරිසක් විදුලිය බිඳවැටීමෙන් පීඩාවට පත්ව සිටින බවය.

මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඊයේ (05) සිදුවූ දැවිතෙල් කාන්දුව හේතුවෙන් හෙයියන්තුඩුව බලහේන ගම්මානයේ වැසියන් තවමත් පීඩාවට පත්ව සිටී.

ඒ අනුව ප්‍රදේශයේ ගං වතුරට මිශ්‍ර වී ඇති දැවිතෙල් ඉවත් කිරීමේ කටයුතු අද දිනයේත් සිදු කෙරුණි.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ජලය පානය කිරීමෙන් පසු උගුරේ වේදනාව ඇතිව තිබෙන බවය.

කුඩා දරුවන්ට ද ජලය ලබාදීමට හැකියාවක් නොමැති බව ඔවුන් චෝදනා කරයි.

කෙසේ වෙතත් මේ වනවිට එම දැවිතෙල් කැලණි ගඟට මුසුවීම වළක්වා ඇති බවත් පානීය ජලයට ගැටලුවක් නොමැති බවත් ජලසම්පාදන අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු , මාටියා මෙරරට ගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
00:57
Video thumbnail
චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ බන්ධනාගාර බසයේ නැගලා ගිය හැටි
00:52
Video thumbnail
ඔයාට නඩු දාන්න වෙනවා - කරන්න දෙයක් නෑ
02:42
Video thumbnail
මේ ටිකම ඇති මුළු පළාතම විනාශ කරන්න - ඔයාට නඩු දාන්න වෙනවා
03:59
Video thumbnail
මුන්ගේ කුණු අදින්න ට්‍රැක්ටරේට ජනවරම දෙන්න
02:56
Video thumbnail
චරිත්ව අත්අඩංගුවට ගත්ත හැටි ගැන අපේ විරෝධය ප්‍රකාශ කරනවා
10:18
Video thumbnail
බලය ගත්තට පස්සේ පිස්සු හැදුණා - මාලිමාව බයවෙලා ඉන්නේ
05:48
Video thumbnail
UNICEF නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි
01:41