නව වසරට අග්‍රාමාත්‍යවරියගෙන් සුභාශිංසන

ගෙවුණු වසරේ මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කරගනිමින්, නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව 2026 වසර වෙත පියවර තැබීමට ඇරැයුම් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

2026 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් හරිනි අමරසූරි අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කරනවා.

2026 නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය එක්කළ සුබ පැතුම් පණිවුඩය පහතින්..

2026 නව වසරක් අභිමුව සිටින මේ මොහොතේ ගෙවීගිය 2025 වසර පිළිබඳව පසුවිපරමක් කිරීම කාලෝචිත බව මගේ විශ්වාසයයි. ජනතාවාදී රජයක් ලෙස තීරණාත්මක ඉදිරිගාමී පියවර රැසක් තැබීමට හැකිවූ වසරක් ලෙස 2025 වසර පිළිබඳ එක්පසෙකින් අපට සතුටට පත්විය හැකිය.
නව දේශපාලන සංස්කෘතියක් මත රාජ්‍ය පාලනයේ විනිවිදභාවය තහවුරු කිරීමටත්, දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් උදෙසා වන අඩිතාලම සැකසීමටත් අපට හැකි වූ බව මගේ විශ්වාසයයි.
ආර්ථික ස්ථාවරත්වය, ජාත්‍යන්තර වශයෙන් අපේ රට පිළිබඳව ඇතිවෙමින් පවතින සුබවාදී ධනාත්මක ආකල්ප මෙන්ම විනිවිදභාවයෙන් යුතු පාලන ක්‍රමවේදයක් සහ නීතියේ ස්වාධිපත්‍ය තහවුරු කිරීම වැනි ප්‍රධාන අංශ ගණනාවක් ඔස්සේ 2025 වසර පිළිබඳ අපට තෘප්තිමත් විය හැකිය.
කෙසේ වෙතත්, 2025 වසරේ අවසාන භාගයේ අප මුහුණ දුන් අවාසනාවන්ත ස්වභාවික ව්‍යසනය අපේ රටට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් විය. එය අප සැමගේ සිත් කම්පනයට පත් කළ ද, එවැනි මොහොතක ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබ පෑ සහෝදරත්වය, සහකම්පනය සහ එකිනෙකාට උදවු උපකාර කරමින් නැගී සිටි ආකාරය පිළිබඳව ලෝකයේම කතාබහට ලක්වී තිබේ.
උදාවූ 2026 නව වසර වෙත අප පා තබන්නේ එම අභියෝග ජය ගනිමින්, ව්‍යසනයෙන් බිඳුණු සිත් සුවපත් කරමින් සහ බිඳවැටුණු ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි කැපවීම පෙරදැරිව ය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සහ තිරසර වෙනසක් සනිටුහන් කරන අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීම ඇතුළු, රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්‍රයක්ම ඩිජිටල්කරණය කිරීම, නව අදහස් සහිත ව්‍යවසායකයින්ට, කලාකරුවන්ට සහ නිර්මාණකරුවන්ට ගෝලීය මට්ටමින් නැගී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම, විෂ මත්ද්‍රව්‍යයෙන් තොර, පරිසර හිතකාමී සහ සහකම්පනයෙන් යුතු සමාජයක් ගොඩනැඟීම වැනි සුවිශේෂී අරමුණු රැසක් සමගින් ජාති, ආගම් හා පක්ෂ භේදයකින් තොරව, ශක්තිමත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතුව මේ රට ගොඩනැඟීමේ වගකීම රජය ඇතුළු සමස්ත ජනතාව වෙත පැවරෙන බව මේ මොහොතේ සිහිපත් කරනු කැමැත්තෙමි.
ගෙවුණු වසරේ අප මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කරගනිමින්, නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව 2026 වසර වෙත පියවර තැබීමට මම ඔබට ඇරැයුම් කරමි.
ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි ජයග්‍රාහී සුබ නව වසරක් වේවා..!
ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15
Video thumbnail
සාගරට එරෙහිව ස්වාමීන් වහන්සේලාගෙන් පැමිණිල්ලක් - මහ ජනතාව කුපිත කිරීමේ වැඩක් මේ
04:51
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47