සීදූව ප්‍රදේශයේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් හයදෙනෙක් පෙට්‍රල් බෝම්බ 06ක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර, එම ආයතනයේ කළමණාකරු, ව්‍යාපාරිකයෙක් , ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙක් සහ තවත් පුද්ගලයෙක් වන බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර සිටින කළමණාකරුට මීගමුව අධිකරණයේ විභාගවන නඩු දෙකක් සඳහා වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1





