දිට්වා හානි කළ නිවාස සඳහා තට්ටු නිවාස

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා තට්ටු නිවාස ලබාදෙන බවත්, ඒ සදහා මේ වනවිට දිස්ත්‍රික් ලේකම්වරු හරහා ඉඩම් හදුනාගෙන ඇති බවත් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා.

අමාත්‍යංශයේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ආපදා හේතුවෙන් බිඳ වැටී තිබූ ජල සම්පාදන කටයුතු 95%ක් මේ වනවිට සකසා අවසන් බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“පූර්ණ වශයෙන් හානි වූ නිවාස 6,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙලා තියනවා. ඒ වගේම අර්ධ වශයෙන් හානි වූ නිවාස ලක්ෂයකට වඩා වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම නිවාස හානි නොවුණත් තවදුරටත් ජීවත්වීමට නොහැකි ප්‍රදේශ තිබෙනවා. අනාරක්ෂිත ප්‍රදේශ තිබෙනවා. තවදුරටත් පදිංචි කිරීමට නොහැකි. මේ කටයුතු අපි පියවරෙන් පියවර අපි කරන්න ලෑස්තියි. එහිදී අපි දිස්ත්‍රික් ලේකම්තුමන්ලා හරහා විකල්ප ඉඩම් අඳුරගෙන තිබෙනවා. ඒ බොහෝමයක් තැන්වල අපි නිවාස සංකීර්ණ ඉදිකරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයත් මේ කටයුත්තේ නියැලිලා ඉන්නවා අවශ්‍ය මූල්‍යම කටයුතු සම්පාදනය කරන්න. අමාත්‍යංශය ලෙස මේ නිවාස සංකීර්ණ සඳහා මූලික සැලසුම් සකස්කරමින් ඉන්නවා ඒ අදාළ නිලධාරීන් අවශ්‍ය ශිල්පීන් සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින් මේ ආපදාවෙන් හානි වෙච්ච නිවාසවල ජීවත්වෙච්ච පවුල් සහ ඔවුන්ගේ ජීවිත යථාවත් කරන ගමන්ම නැවත මෙවැනි අපදාවකට මුහුණ නොදෙන්න අධි අවධානම් කලාපවල ඉන්න ජනතාව වෙනත් ප්‍රදේශවල පදිංචි කරවීම තමයි ඉලක්කය”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03