අළු බඳුන තරගාවලියේ ජය ඕස්ට්‍ර්ලියානුවන්ට

2025 අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී, තරගාවලිය ජයගන්නට සත්කාර ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම අද සමත් වුණා.

ඒ, තරගාවලියේ තුන්වන ටෙස්ට් තරගය එංගලන්තය පරදා ලකුණු 82කින් ජය ගැනීමත් සමඟයි.

මෙවර අළු බඳුන තරගාවලියේ පර්ත් හිදී පැවති පළමු තරගය කඩුලු අටකින් ජය ගැනීමට ඕස්ට්‍ර්ලියාව සමත් වූ අතර, බ්‍රිස්බේන් හිදී පැවති දෙවන ටෙස්ට් තරගය ද ඔවුන් ජය ගත්තේ කඩුලු අටකින්.

1882 දී ප්‍රථම වරට පැවති අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පැරණිතම ජාත්‍යන්තර තරගාවලිය ලෙසයි.

එවැනි ඉතිහාසයකට උරුමකම් කියන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවස්ථා 32කදී ජයගැනීමට එංගලන්තය සමත්ව ඇති අතර, මෙවර ජයග්‍රහණයත් සමඟ ඕස්ට්‍ර්ලියාව ජයගෙන ඇති අළු බඳුන තරගාවලි සංඛ්‍යාව 35ක්.

මේ අතර මෙවර තරගාවලියේ සිව්වන තරගය හෙවත් බොක්සිං ඩේ තරගාවලිය ලබන 26 වනදා මෙල්බන් හිදී ආරම්භවන අතර, පස්වන සහ අවසන් තරගය සිඩ්නි පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56