ඇණහිට තිබූ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනත් යළි ඇරඹේ

ජල ගැලීමේ හේතුවෙන් දුම්රිය මාර්ගයට හානිවීම නිසා ඇණහිට තිබූ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (20) සිට යළි ආරම්භ වුණා.

ඒ, අනුව කොළඹ කොටුව සහ ත්‍රිකුණාමලය අතර දුම්රිය අද (20) යළි ධාවනය කෙරුණේ දින 22 කට පසුවයි.

කොළඹ කොටුව සිට අද (20) උදෑසන 6.00ට ත්‍රිකුණාමලය බලා පළමු දුම්රිය ධාවනයට එක් කර තිබූ අතර, ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා උදෑසන 7.00ට දුම්රියක් ගමන් අරඹා තිබුණා.

මේ අතර මඩකලපුව දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවන් අවසන් වී නොමැති අතර, එම මාර්ගයේ අලුත් වැඩියාවන් තව දින කිහිපයකින් අවසන් වන බව දුම්රිය බලධාරීන් සඳහන් කළේ.

මේ අතර පස් කඳු කඩා වැටීම්, නායයෑම් හේතුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් පසුව එම මාර්ගයේ දුම්රිය ධාවනය අද (20) දින 23 කට පසුව ආරම්හ වුණා.

කෙසේ වෙතත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙනේ බදුල්ල සහ අඹේවෙල අතර පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24