AFC Banner
Empty Ad
Empty Ad

වසංගත රෝග ලොක්කා තනතුරෙන් දොට්ට?

වසංගත රෝග විද්‍යා ඒකකය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි චෝදනාවක් එල්ල කළා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසන්නේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අත්තනෝමතික කි‍්‍රයාමාර්ග නිසා කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීමේදී විශාල ගැටලු සහගත තත්ත්වයක් උදා වී ඇති බවයි.

ඉතාම භයානක අන්දමින් පැතිර යමින් තිබෙන කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා සකස් කරන ලද විශේෂ වැඩපිළිවෙළට සම්බන්ධ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය 03 වනදා භාරදුන් බවයි වෛද්‍යවරයා පැවසූවේ. 

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානියාට ඒ තනතුර සඳහා සුදුසුකම් තිබුණට ඔහුට ප‍්‍රායෝගිකව මේ කටයුත්ත කළ යුතු ආකාරය පිළිබඳව දැනුමක් නොමැති බවයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා චෝදනා කරමින් සඳහන් කළේ.

මේ අතර රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එම තනතුරින් ඉවත්කොට වෙනත් ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විශේෂඥවරයෙක් එම තනතුරට පත් කිරීමට රජය තීන්දුකර ඇතැයි බවයි.

වෛද්‍ය සමරවීර මහතා එම තනතුරින් ඉවත් කළද ඔහුගේ ජ්‍යෙෂ්ඨතාවට ගැලපෙන වෙනත් සුදුසු තනතුරක පිහිටුවීමටද ඒ සමඟ තීන්දු කර තිබෙන බවයි එම ආරංචි මාර්ග පැවසූවේ.

රජයේ වසංගත රෝග විද්‍යා අංශය කොවිඩ් මර්දනය සඳහා මෙතෙක් කරන ලද බොහෝ නිර්දේශ හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට හා ජනාධිපති කාර්යාලයට කරුණු දක්වා තිබුණා.

තුන්දෙනකුගේ මතය නිසා රටම අමාරුවේ

ඒ අනුව කළ මූලික විමර්ශනයකින් පසුව මෙම තීරණය ගත් බවයි එම ආරංචි මාර්ග කියා සිටියේ.

කෙසේ වෙතත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණේ වසංගත රෝග විද්‍යා ඒකකයේ තවත් විශේෂඥ වෛද්‍යවරුන් 24 දෙනකු රාජකාරි කරන බවද එම ඒකකයේ ප‍්‍රධානියා ඇතුළු තුන්දෙනෙක් තමන්ට අවශ්‍ය ආකාරයට තවත් කිසිවකුගේ අවවාදයකට උපදෙසකට කන්නොදී කටයුතු කරගෙන යන බවයි වෛද්‍ය පාදෙණිය මහතා කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වමින් පාදෙණිය මහතා ප්‍රකාශ කළේ “වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානියා ඇතුළු තුන්දෙනකුගේ මතයට අනුව තමයි මේ වෙනකොට කොරෝනා මර්දන කි‍්‍රයාවලිය කරගෙන යන්නේ. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානියාට ඒ තනතුර සඳහා සුදුසුකම් තිබුණට එයාට ප‍්‍රායෝගිකව මේ කටයුත්ත කළ යුතු ආකාරය පිළිබඳව දැනුමක් නැහැ. ඒ වගේම මේ ඒකකයේ තවත් විශේෂඥ වෛද්‍යවරුන් 24 දෙනකු රාජකාරි කරනවා. මේ ඒකකයේ ප‍්‍රධානියා ඇතුළු තුන්දෙනෙක් තමන්ට අවශ්‍ය ආකාරයට තවත් කිසිවකුගේ අවවාදයකට උපදෙසකට කන්නොදී කටයුතු කරගෙන යනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ වෙනකොට රට තියෙන්නෙ ඉතාම භයානක තත්ත්වයක. අපි හරි ආකාරයට කටයුතු නොකළහොත් මේ වෛරස ව්‍යාප්තිය පාලනය කරගන්න බැරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට යෝජනා කීපයක් ඉදිරිපත් කළා.

ඔහු පෙන්වා දෙන්නේ “මේ යෝජනා සකස් කිරීමට අපි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් 24 දෙනකුගෙ දැනුම උපයෝගි කරගත්තා. අපිට රට හැමදාම වහලා තියන්න බැහැ. ඒ නිසා අපි ක‍්‍රමවත් වැඩපිළිවෙළකට යන්න ඕනෙ. එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතාම විධිමත් ආකාරයට කරන්න අවශ්‍යයි. රටේ ජනතාවගෙන් 70%ක් පමණ එන්නත්කරණයට භාජනය කළ යුතුයි. රටේ මරණ අනුපාතය අවම කර ගන්න වයස අවුරුදු 60 ඉක්මවූ අයට බෝ නොවන රෝග ඇති අයට මෙන්ම සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ අය මෙන්ම රෝගීන් හා ගැටෙන පාර්ශ්වවලට මුලින්ම එන්නත් ලබාදිය යුතුයි.” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?