සපුගස්කන්දේ රිය අනතුරක් අයෙක් ජීවිතක්ෂයට

සපුගස්කන්ද පොලිස් වසමේ බියගම – කිරිබත්ගොඩ මාර්ගයේ මාකොළ ප්‍රදේශයේ දී ඊයේ (18) රාත්‍රියේ සිදුවූ රිය අනතුක් සිදුව තිබෙනවා.

බියගම දෙස සිට කිරිබත්ගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී පසුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 54ක, දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු හා කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?