අල්-කයිඩා නායකයා සිටින තැන හඳුණාගැනේ – ශ්‍රී ලංකාව ගැනත් අනාවරණයක්

අල්-කයිඩා ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ නායකයා මේවන විට සිටින ස්ථානය පිළිබඳව අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

එහි වත්මන් නායකයා ලෙස හැඳින්වෙන අයිමාන් අල්-සවහිරි ඇෆ්ඝනිස්තානය සහ පාකිස්තානය අතර දේශ සීමාවෙහි පිහිටා ඇති කඳුකරයේ සිටින බවට යි පැවසෙන්නේ.

මෙම හෙළිදරව්ව සිදු කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ (04) නිකුත් කළ වාර්තාවක් මගින්.

අල්-කයිඩා නායකයා පමණක් නොව, එම සංවිධානයේ බොහෝ සන්නද්ධ පිරිස් මෙම කඳුකරයේ රැඳී සිටින බවයි අදාළ වාර්තාවෙහි දැක්වෙන්නේ.

එමෙන්ම තලේබාන් සංවිධානයට සම්බන්ධ සන්නද්ධ පිරිස් බොහොමයක් ද ඇෆ්ඝනිස්තානයේ විවිධ ප්‍රදේශවල සැඟව සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවෙහි දැක්වෙනවා.

අල්-කයිඩා සංවිධානයේ ඉහළ තළයේ සාමාජිකයින් මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත පිරිස්වන අතර සාමාන්‍ය සාමාජිකයින්ගෙන් ඉන් බහුතරය ඇෆ්ඝනිස්ථාන සහ පාකිස්තාන සම්භවයක් සහිත අයවලුන් බව සඳහන්.

එහෙත් මේවන විට එම සංවිධානයේ පිරිස් අතර බංග්ලාදේශ, ඉන්දියානු සහ මියන්මාර ජාතිකයින් ද වර්ධනය වෙමින් පවතින බව වාර්තා වෙනවා.

එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් අවධාරණය කරන්නේ කලාපීය සහ ජාත්‍යන්තර අරමුණු සහිත වූ ත්‍රස්තවාදීන්ගේ ක්ෂේමභූමියක් බවට ඇෆ්ඝනිස්තානය පත්වීම වැළැක්විය යුතු බවයි.

මේ අතර අදාළ වාර්තාව මගින් තවත් අනාවරණයක් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ ඉස්ලාමීය රාජ්‍යය හෙවත් ISIS සංවිධානයේ මධ්‍යම සහ දකුණු ආසියානු කලාපය මගින් ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, මධ්‍යම ආසියානු රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද ආවරණය වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09