මාතලේ, ලග්ගල ආසනයේ ආපදා නිසාවෙන් පීඩාවට පත්වූ ජනතාව රැඳී සිටින සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත අද (17) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගොස් තිබුණා.
මෙලෙස එම සුරක්ෂිත මධ්‍යස්තානවලට පැමිණි නාමල් රාජපක්ෂ හට එම අවතැන් කඳවුරුවල රැඳී සිටි පිරිසකගෙන් විරෝධයක් එල්ල වුණා.
එලෙස එල්ල වූ විරෝධය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා සිටියේ ගැටුම්වලින් තොරව අවතැන් කඳුවරුවලින් හැකි ඉක්මනින් ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ යුතුබ් බවයි.
”ඔයත් කොල්ලෙක්, මාත් කොල්ලෙක්. ඔයා කියන දේත් මං අහන් හිටියා නේ. ඒක නිසා මං කියන දේත් අහගන්න. ඔයාගේ අයියා ඔයා බලාගන්න, මගේ දේශපාලනේ මන් කරන්නම්. මිනිස්සුන්ම මාස ගාණක් කඳවුරේ තියන්න බැහැ. ඒකට විකල්පයක් අපි හොයන්න ඕනේ, ඒක තමයි මමත් කියන්නේ, ඒක තමයි උඹත් කියන්නේ, ඉතින් ඒක හින්දා අපි දෙන්නා මේකට ඇරගෙන හරියන්නේ නැහැ.” පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විරෝධය පෑ තරුණයෙක් හමුවේ කියා සිටියා.















