රිය අනතුරකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලිසියට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කරනවා.
මන්ත්‍රීවරයාගේ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය කටයුතු පිළිබඳව තීරණය කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
සපුගස්කන්ද, දෙනිමල්ල ප්‍රදේශයේ දී පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ මන්ත්‍රීවරයා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබුණා.
මෙම අනතුරින් අශෝක රන්වල මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත න්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණා.





