අයහපත් කාලගුණය නිසා සිදු වූ ආපදා තත්ත්වය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 20 කට ආසන්න පාඩුවක් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත්, බාධා වූ විදුලි සැපයුමෙන් 99% ක් මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත පැවසුවේ.
හානියට පත් සියලුම සම්ප්‍රේෂණ පද්ධති ද මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.
ලංකා විදුලිබල මණ්ඩලයට අනුව, ව්‍යසනය හේතුවෙන් දිවයින පුරා වාර්තා වී ඇති මුළු විදුලි බිඳවැටීම් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 4.1ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
2
+1
+1















