සම්භාහනයට මුවා වී පැරණිම රැකියාව කරලා – තිදෙනෙක් අත්අඩංගුවට

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වටලා තිබෙනවා.

ගල්කිස්ස පොලිස් වසමේ අත්තිඩිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවාසය ඊයේ (13) රාත්‍රියේ වටලා ඇති අතර, එහිදී තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගණිකා නිවාසය කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 55ක අයෙක් වන අතර, සැකකාරියන් අවුරුදු 20 හා 24 වයස්වල පසුවන බවයි පොලිසිය පැවසුවේ.

මොවුන් වේයන්ගොඩ, ගම්පහ සහ මඩොල්සිම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
8
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?