අයහපත් කාලගුණයෙන් රියදුරු බලපත්‍රය අහිමි වුණා ද ? මෙන්න විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් විනාශ වී හෝ අස්ථාන ගත වී ඇති රියදුරු බලපත්‍ර වෙනුවෙනට එම රියදුරු බලපත්‍රවල අනුපිටපතක් ලබා ගැනීමේ හැකියාව පවතින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ පවසනවා.

අද (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම දිස්ත්‍රික් කාර්යාල වෙත ගොස් එම අනුපිටපත් ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ රථවාහන පිළිබඳව අදාළ වාහනයේ හිමිකරු විසින් තම ප්‍රදේශය භාර ග්‍රාමනිලධාරීවරයා දැනුම්වත් කර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කරන ලෙසයි කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

එය හානියට පත්වූ වාහනයේ ඉදිරි නීතිමය කටයුතු වෙනුවෙන් පහසුවක් වනු ඇති බවයි ඔහු මෙහිදී පවසා සිටියේ.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව මේ වන විට තොරතුරු රැස් කරමින් පවතින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කළා.

ඔහු පැවසුවේ එළැඹෙන දෙසැම්බර් 15 වනදායින් පසුව දිස්ත්‍රික් මට්ටමින් විශේෂ ජංගම සේවාවක් මේ සම්බන්ධව සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43