අයහපත් කාලගුණයෙන් රියදුරු බලපත්‍රය අහිමි වුණා ද ? මෙන්න විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් විනාශ වී හෝ අස්ථාන ගත වී ඇති රියදුරු බලපත්‍ර වෙනුවෙනට එම රියදුරු බලපත්‍රවල අනුපිටපතක් ලබා ගැනීමේ හැකියාව පවතින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ පවසනවා.

අද (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම දිස්ත්‍රික් කාර්යාල වෙත ගොස් එම අනුපිටපත් ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ රථවාහන පිළිබඳව අදාළ වාහනයේ හිමිකරු විසින් තම ප්‍රදේශය භාර ග්‍රාමනිලධාරීවරයා දැනුම්වත් කර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කරන ලෙසයි කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

එය හානියට පත්වූ වාහනයේ ඉදිරි නීතිමය කටයුතු වෙනුවෙන් පහසුවක් වනු ඇති බවයි ඔහු මෙහිදී පවසා සිටියේ.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව මේ වන විට තොරතුරු රැස් කරමින් පවතින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කළා.

ඔහු පැවසුවේ එළැඹෙන දෙසැම්බර් 15 වනදායින් පසුව දිස්ත්‍රික් මට්ටමින් විශේෂ ජංගම සේවාවක් මේ සම්බන්ධව සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, සිංගප්පූරුවේ හිටපු විදේශ ඇමති හමුවෙයි
01:00
Video thumbnail
සජිත් ප්‍රේමදාස, සිංගප්පූරුවේ දී විශේෂ හමුවක
13:43
Video thumbnail
රජය වෙන්දේසි දලා විකුණපු වාහනවලට වෙච්ච දේ මෙන්න..අරන් තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ ස්ටේජ්වල හිටිය අය..?
05:41
Video thumbnail
අපි ගත්තු තීන්දුව ආපහු හකුලාගන්නේ නෑ
25:39
Video thumbnail
මැදිරිගිරියේ මිනිස්සු උණුසුම් වෙලා මහ පාරේ නාමල්ව ගි# තියයි.."අහවල් එකේ අමාරුවට අපි මේක කරන්නේ යකෝ"
08:48
Video thumbnail
උපවාසය මැද මිනිස්සු කලන්තේ දාලා - රෝහලට ගෙනයයි
04:25
Video thumbnail
"කවදාවත් ජනාධිපති කෙනෙක් ඇවිත් නෑ..ගොඩාක් පිං"මිනිස්සු පොරකකා ජනපති එක්ක Selfie ග#යි
02:29
Video thumbnail
අසභ්‍ය ගුරු - ගෝල විඩීයෝව කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
06:12
Video thumbnail
පියතුමෙකුට ලුහුබැද ප#ර දුන් සිද්ධියේ සියල්ල කැබිනට් මාධ්‍ය හමුවේ හෙළිවෙයි..
03:05
Video thumbnail
වෛද්‍ය බෙල්ලනව FCID එකෙන් ප්‍රශ්න කරයි - රජයත් එක්ක මට ගැටුමක් නෑ
06:05


?