ගමේ මරණාධාර සමිතියෙන් එකතු කළ සහනාධාර මාලිමා මන්ත්‍රීවරිය ආසන කාර්යාලයට අරන් ගිහින් ලකුණු දාගෙන

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල, යෝධ ඇළ ගම්මානයේ පිහි⁣ටි ඉහළ සියඹලෑව එක්සත් මරණාධාර සමිති ශාලාවේ ක්‍රියාත්මක වූ ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයට ප්‍රදේශවාසීන් විසින් පසුගිය දිනවල සිදු වූ ආපදාවන්ගෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ භාණ්ඩ දේශපාලනීකරණය කර ගනිමින් තලාව ප්‍රාදේශිය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීනීය සහ ඇගේ සැමියා මෙන්ම තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු එක්ව තඹුත්තේගම පිහිටි ජාතික ජන බලවේග කලාවැව ආසන කාර්යාලයට රැගෙන ගොස් දේශපාලඥයීන් විසින් ජනතාවට ලබාදෙන සහන ලෙස හුවා දක්වමින් අදාළ භාණ්ඩ බෙදා දී ඇති බව ඉහළ සියඹලෑව එක්සත් මරණාධාර සමිතියේ සභාපතිවරයා චෝදනා කරනවා.

එප්පාවල 390 ඉහළ සියඹලෑව එක්සත් අවමංගල්‍යාධාර හා සුභ සාධක සමිතිය, 390 මහජන ආරක්ෂක කමිටුව එක්ව එප්පාවල හා අවට ගම්මානවල පරිත්‍යාගශීලීන්ගේ ආධාර මෙලෙස පසුගිය 29 වැනි දින පස්වරුවේ සිට එකතු කර ඇති අතර, ඒ අනුව ප්‍රදේශයේ ජනතාව විසින් ගංවතුරින් විපතට පත්ව අසරණ වූ අපේම ජනතාව වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් දායකත්වය සපයමින් භාණ්ඩ බොහෝ ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබෙනවා.

අදාළ භාණ්ඩ ප්‍රදේශයේ අසරණ ජනතාව වෙත සෘජුව බෙදාදෙනවා හෝ ප්‍රාදේශිය ⁣ලේකම් කාර්යාලයට ⁣ලබාදෙනවා වෙනුවට තලාව ප්‍රාදේශිය සභාවේ එප්පාවල කොට්ඨාශ මන්ත්‍රීනී මංගලිකා දිසානායක සහ ඇයගේ සැමියා වන විශ්‍රාමික ගුරුවරයකු වන ඩී.යූ සෙනවිරත්න, ජාතික ජන බලවේගයට සම්බන්ධ එප්පාවල කෝන්වැව පදිංචි තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී නුවන් නැමැත්තෙකු සහ 390 තුලාන මහජන ආරක්ෂක කමිටු සභාපති ඉන්දික යන අය එක්ව තඹුත්තේගම බස් නැවතුම්පොළේ පිහිටි ජාතික ජන බලවේග කාර්යාලයේ කලාවැව ආසන කාර්යාලය වෙත ගෙන ගොස් භාර දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අවස්ථාවේ එම ස්ථානයේ අමාත්‍යය වසන්ත සමරසිංහගේ සොහොයුරාද සිට ඇති අතර, අදාළ මන්ත්‍රීවරිය දේශපාලන ලකුණක් ද දමා ගනිමින් ප්‍රදේශයේ ජනතාව දුන් ආධාර තමන් විසින් සිදුකරන පරිත්‍යාග ලෙස පෙන්වමින් කාර්යාලයට භාරකර තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරියකු ද සම්බන්ධ බැවින් මෙම කටයුතු ලේකම් කාර්යාලය හරහා සිදුවන කටයුතු නිසා ජනතාව දැඩි විශ්වාසයෙන් මේ සදහා ආධාර උපකාර කළ අතර, අදාළ නිලධාරීයා ද තම දේශපාලන පක්ෂයේ ප්‍රවර්ධනය උදෙසා එම භාණ්ඩ ජාතික ජන බලවේග කාර්යාලයට රැගෙන යාමට කටයුතු සපයා ඇතැයි චෝදනා කරන්නේ.

එම සමිතියේ සභාපති ඒ.කේ.බී අලගොඩ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

“මගේ මූලිකත්වයෙන් තමා ගංවතුරෙන් විපතට පත් වූවන් සඳහා ආධාර එකතු කළේ, ඉහළ සියඹලෑව එක්සත් අවමංගල්‍යාධාර හා සුභ සාධක සමිතිය හා ග්‍රාමීය සිවිල් ආරක්ෂක කමිටුව තමයි මේකට මූලිකත්වය ගත්තේ, බැනර් මුද්‍රණ කිරීම, ප්‍රචාරක කටයුතු සියල්ල කළේ. මගේ පුද්ගලික වියදමින්, භූමිය ලෙස අපේ සමිති ශාලා භූමිය යොදාගත්තා. ඊට අමතරව ප්‍රචාරක කටයුතු වලට ඉන්ධන ලබා ගන්නත් තවත් අය ආධාර කළා කියලා කිව්වා. මමත් සමන්ත කියලා මහත්මයකුත් දිවා රෑ දෙකෙහිම රාත්‍රී 8.00 පමණ වන තුරු මෙම ස්ථානයේ රැදී සිටිමින් ආධාර භාර ගත්තා. එතනදී ජාතික ජන බලවේග මන්ත්‍රීනී මංගලිකා දිසානායකත්, සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති ඉන්දික රාජපක්ෂත් මාව නොමඟ යවලා එකතු වෙච්ච බඩු ටික තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කිව්වා කියලා තඹුත්තේගමට රැගෙන ගියා. තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිළධාරී නුවන් කියන කෙනා තමා මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තඹුත්තේගමට යවන්න කිව්වා කියලා කියලා තියෙන්නේ. දැන් මහජන ආරක්ෂක කමිටුවත් තනිකර ජාතික ජන බලවේගයේ වෙලා, කලින් නම් නිලතල පක්ෂ භේදයකින් තොරව තිබුණා.
අපි ස්වෙච්ජාවෙන් මේ වැඩ පිළිවෙල ආරම්භ කළේ, නමුත් එකතු වුණ බඩු ක්‍රමවේදයකට බෙදන්න ඕන නිසා තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කර ගන්න උත්සහ කළේ, අපි තලාවට බඩු භාර දෙන්න හදද්දී තලාවට එපා තඹුත්තේගමට දෙන්න කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී නුවන් එක්ක එකතු වෙලා මහජන ආරක්ෂක කමිටු සභාපති ගේම ගැහුවා.
අපි වැඩේ පටන් අරන් වැඩේ යන කොට මන්ත්‍රීතුමිය මෙතන්ට ආවා, එතුමිය මේ වැඩේට කිසිම පරිත්‍යාගයක් කළේ නෑ, සැරින් සැරේ ඇවිත් ඉඳගෙන හිටපු එක කළේ, එතුමියගේ පාක්ෂිකයන්වත් විශේෂයෙන් මෙතන්ට බඩු ගෙනත් දුන්නේ නෑ, මම සහසුද්දෙන් දන්නවා මට කියන්න පුලුවන් ඒ හම්බුණ බඩුවලින් 10% ක් හම්බෙන්නේ නෑ ඒ අය මේ වැඩේ සංවිධානය කළා නම්, ඒ බඩු ටික එකතු කරලා අවසන් වුණාම 01 වැනිදා දවල් භාරදෙන්න තීරණය කළේ, ඒ අනුව මන්ත්‍රීවරිය මෙතන රැදිලා හිටියා ලොරියට බඩු පටවනකල්, අපිට කිව්වා තඹුත්තේගම ආධාර එකතු කරන කාර්යාලයක් තියෙනවා කියලා.අපි සැක කරන්නේ නෑනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කිව්වාම, නමුත් අපි බඩු අරන් යනකල් දන්නේ නෑ. පක්ෂ කාර්යාලයකට මේවා ගෙනියන්නේ කියලා. මේ බඩු අරන් ගියේ තඹුත්තේගම බස් නැවතුමේ තියෙන වසන්ත සමරසිංහ මහත්තයාගේ පක්ෂ කාර්යාලයට අරන් ගියේ, අපි ළඟ ෆොටෝ තියෙනවා.බඩු භාර ගත්තේ වසන්ත සමරසිංහ ඇමතිතුමාගේ අයියා හා ස්වාමීන් වහන්සේ නමක්, ඒ බඩු භාර දෙන්න ගියේ මන්ත්‍රීතුමියගේ මහත්තයා, එයා මේ මරණාධාර සමිතියේ ලේකම්. ඒ නිලතල අයුතු ලෙස ප්‍රයෝජනයට අරන් තමයි මේ දේශපාලන වැඩ කළෙත්. ඒ එකතු කරපු බඩුවලින් මලු දෙකක් මේ ප්‍රදේශයේ දෙන්නකුට දුන්නා.මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිට කොල් එකක් ආවා කියලා මෙහෙ දෙන්නෙකුට කොන්වැවෙයි, ගම්මැද්දටයි දුන්නා. දිය යුතු අයට නෙමෙයි දුන්නේ ඒකත්.අපිට ලකුණු එපා, අපිට සතෙකුට හරි පිහිටක් වෙන්නයි ඕන නමුත් මේ වැඩෙන් දේශපාලඥයෝ ලකුණු දාගන්න උත්සහ කළා. අපි එකතු කරපු බඩු ඒ අයට ලකුණු දාගන්න පක්ෂ කාර්යාලයට බාගත්තා. මට මේ වැඩපිළිවෙල දැක්කාම කණගාටුවක් ඇති වුණා. මම මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරීට කථා කළාම ඒ අය මේ සම්බන්ධව දන්නේ නෑ. එතකොට මේ සඳහා සහාය වුණ සංවර්ධන නිලධාරියා තමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ.මින් ඉදිරියට මෙවැනි දේ සිදු නොවන්න ඕන නිසයි අපි මේවා දැනුම්වත් කරන්නේ. මිනිස්සු අන්ත අසරණ වුණ වෙලාවෙත් මේ අය දේශපාලනය කරනවා”

මේ පිළිබඳව අප චෝදනාවට ලක් වන තලාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීනී මංගලිකා දිසානායකගෙන් ඇගේ දුරකථන අංක අමතා විමසීමක් කළ අතර, ඇයගෙන් මේ පිළිබඳ පළමුව විමසීමේදී මේ සඳහා මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදිය නොහැකි බව පැවසුවා.

ඊට පැය දෙකකට පමණ පසු නැවත ඇය අප අමතා කියා සිටියේ තමන් වෙත එල්ලවන චෝදනා අසත්‍යය බවත්, එය මහජන ආරක්ෂක කමිටුව මඟින් ක්‍රියාත්මක කළ ආධාර එක් රැස්කිරීමක් බවත්, තමන් ඊට මැදිහත් නොවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
19
+1
79
+1
3
+1
4
+1
8
+1
24
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43